ආහාර ගැනීමෙන් පසු කිව යුතු ප‍්‍රාර්ථනාව

1

අල්හම්දුලිල්ලා හිල්ලදී අත්අමනී හාදත් තආම වරසකනීහි මින් ඝයිරි හව්ලින් මින්නී වලා කුව්වති. තේරුමඃ මගේ හැකියාවෙන් හෝ ශක්තියෙන් තොරව මට මේ අහාරය සපයා දුන් අල්ලාහ්ට සියලූ ප‍්‍රශංසා හිමිවන්නේය. (අබූදාවූද්, ඉබ්නු මාජා,. අත්තිර්මිදි)

2

අල්හම්දු ලිල්ලාහි හම්දන් කසීරන් තයියිබන් මුබාරකන් ෆීහී ඝයිර මක්ෆියියින් වලා මුවද්දඉන් වලා මුස්තඃග්නන් අන්හු රබ්බනා. තේරුම: වඩාත් අලංකාරවූත්, නිමාවක් නැතිවූත් ප‍්‍රශංසාවන් අල්ලාහ්ටමය. එම ප‍්‍රශංසාවන්ට අපි කිසිදා සමු නොදෙන අතර එලෙස කිරීම අත්‍යවශ්‍යය. ඔහු අපේ දෙවියන්ය. (බුහාරි, තිරිමිදි)

Zaker copied