කෑමට පෙර කිව යුතු ප‍්‍රාර්ථනාව

1

බිස්මිල්ලාහ් (අල්ලාහ්ගේ නාමයෙන් ආරම්භ කරමි) යනුවෙන් ආහාර ගන්නා කිව යුතුය. එය ආරම්භයේ කීමට අමතක වූ කල බිස්මිල්ලාහි ෆී අව්වලිහි වආහිරිහි. එහි ආරම්භයත් අවසානයත් අල්ලාහ්ගේ නාමයෙන් (ආහාර ගනිමි) යනුවෙන් කිව යුතුය. (අබූ දාවූද්, තිර්මිදි)

2

අල්ලාහ් කවරෙකුට ආහාර ලබා දුන්නේද ඔහු මෙසේ ප‍්‍රකාශ කළ යුතුයි. අල්ලාහුම්ම බාරික්ලනා ෆීහී වඅත්ඉම්නා කයිරන් මින්හු. තේරුම : යා අල්ලාහ් අපට මෙහි අභිවෘද්ධිය ඇති කරනු මැනව. තවද මීට වඩා යහපත් දෑ අපට ආහාර වශයෙන් ලබා දෙත්වා. අල්ලාහ් කවරෙකුට කිරි බීමට ලබා දුන්නේද ඔහු මෙසේ ප‍්‍රකාශ කළ යුතුයි. අල්ලාහුම්ම බාරික් ලනා ෆීහි වසිද්නා මින්හු. තේරුමඃ යා අල්ලාහ් අපට මෙහි අභිවෘද්ධිය ඇති කරනු මැනව. තවද එයින් අපට වර්ධනයක් ඇති කරත්වා. (තිරිමිදි)

Zaker copied