වැස්ස ඉල්ලා කිව යුතු ප‍්‍රාර්ථනාව

1

අල්ලාහුම්ම අස්කිනා ඝයිසන් මුඝීසන් මරීඅන් නාෆිඅන් ගයිර ලාර්රින් ආජිලන් ගයිර ආජිලින්’ තේරුම: යා අල්ලාහ් උපකාරයක් විය හැකි, සශ‍්‍රීක කළ හැකි, කොළ පාටින් බැබල විය හැකි අනතුරක් නොකර යහපතක් කළ හැකිවූ වැස්සක් ප‍්‍රමාද නොවී ඉක්මනින් අපට ලබා දෙනු මැනව. (අබූ දාවූද්)

2

අල්ලාහුම්ම අගිස්නා, අල්ලාහුම්ම අගිස්නා, අල්ලාහුම්ම අගිස්නා. තේරුම: යා අල්ලාහ් අපට වැස්ස ලබා දෙනු මැනව. යා අල්ලාහ් අපට වැස්ස ලබා දෙනු මැනව. යා අල්ලාහ් අපට වැස්ස ලබා දෙනු මැනව. (බුහාරි, මුස්ලිම්)

3

අල්ලාහුම්ම අස්කි ඉබාදක වබහාඉමක, වන්ෂුර් රහ්මතක වඅහ්යී බලදකල් මයියිත. තේරුම: යා අල්ලාහ් ඔබේ ගැත්තන් හා ඔබේ සිව්පා සතුන්ට ජලය සපයා දෙනු මැන. ඔබේ කරුණාව පතුරවනු මැන. විනාශවූ ඔබේ භූමියට ජීවය ලබා දෙනු මැන. (අබූ දාවූද්)

Zaker copied