මළ (මෘතදේහය) ජනාසා සලාතයේදී

1

අල්ලාහුම්මඃෆිර්ලහූ වර්හම්හු වආෆිහි වඃෆු අන්හු වඅක්රිම් නුස්ලහූ වවස්සිඃ මුද්කලහු වඃසිල්හු බිල්මාඉ වස්සල්ජි වල් බරදි වනක්කිහි මිනල් කතායා කමා නක්කයිතස් සව්බල් අබ්යල මිනද්දනස්’ වඅබ්දිල්හු දාරන් ඝයිරන් මින් දාරිහි වඅහ්ලන් ඝයිරන් මින් අහ්ලිහි වසව්ජන් ඝයිරන් මින් අහ්ලිහී වසව්ජන් ඝයිරන් මින් සවිජිහි. වද්හිල්හුල් ජන්නත වඅඉද්හු මින් අදාබිල් කබ්ර් වඅදාබින් නාර්. තේරුම: යා අල්ලාහ්. ඔහුගේ පව් ක්‍ෂමා කරනු මැන. ඔහුට කරුණාවද දක්වනු මැන. ඔහුට සමාව දී සුවයද ලබා දෙනු මැන. ඔහුගේ නිවහන අගනා ස්ථානයක් කරනු මැන. ඔහු යන ස්ථානය විශාල කරනු මැන. ජලය පිනි හා අයිස් යොදා ඔහු පිරිසිදු කරනු මැන. කුණු ඉවත් කළ සුදු රෙද්දක් සේ ඔහුගේ පව් සෝදා (ඔහුගේ ආත්මය) පිරිසිදු කරනු මැන. ඔහුගේ නිවසට වඩා අගනා නිවසක්ද” ඔහුගේ පවුලේ අයට වඩා අගනා පව්ලක්ද, ඔහුගේ බිරිඳට වඩා අගනා බිරිඳක්ද ඔහුට ලබා දෙනු මැන. තවද ඔහුට ස්වර්ගය ලබාදී කබ්රයේ (මිනිවලේ) හා අපායේ වේදනාවන්ගෙන් ඔහුව මුදවා ගනු මැන. (මුස්ලිම්)

2

අල්ලාහුම්ම මඃෆිර් ලිහයියිනා වමයියිතිනා වෂාහිද්නා වඝායිබ්නා වසඝීරිනා වකබීරිනා වදකරිනා වඋන්සානා අල්ලා හුම්ම මන් අහ්යයිතහූ මින්නා ෆ අහ්යිහී අලල් ඊමාන් වමන් තවෆ්ෆයිතහූ මින්නා ෆතවෆ්ෆහු අලල් ඉස්ලාම් අල්ලාහුම්ම ලා තහ්රිම්නා අජ්රහූ වලා තුළිල්ලනා බඃදහූ. තේරුම: අප අතරින් මරණයට පත්වූ අයටද, අප අතරේ ජීවත්ව සිටින්නවුන්ටද, මෙහි පැමිණ සිටින අයටද, නොපැමිණි අයටද අපගේ වැඩිහිටියන්ටද බාලයින්ටද අපගේ පිරිමින්ටද ගැහැණුන්ටද පාපක්‍ෂමාව ලබා දෙනු මැන, අප අතරේ ජීවත්ව සිටින සියලූ දෙනා ඊමානය මත ජීවත් කරවනු මැන, අප අතරෙන් මිය යන්නවුන් මුස්ලිම්වරුන් වශයෙන්ම මිය යන්නට සලස්වනු මැන. ඔහුට ලබා දෙන (හොඳ) ප‍්‍රතිඵල අපට නොවළක්වනු මැන’ ඔහුගෙන් පසු අපව නොමඟ යාමට ඉඩ නොදෙනු මැන. (ඉබ්නු මාජා, අහ්මද්)

3

අල්ලාහුම්ම ඉන්න ෆුලානිබ්නි ෆුලානින් ෆී දිම්මතික වහබ්ලි ජිවාරික. ෆකිහි මින් ෆිත්නතිල් කබ්රි. ව අදාබින් නාර් වඅන්ත අහ්ලූල් වෆාඉ වල් හක්කි. ෆඃෆිර්ලහූ වර්හම්හු ඉන්නක අන්තල් ගෆූරුර් රහීම්. තේරුම: යා අල්ලාහ්, සත්‍යවශයනේම අසවලාගේ පුතාවන අසවලා ඔබේ භාරයට හා ආරක්ෂාවට පත් විය. එනිසා මිනීවලේ හා අපායේ සිදුවිය හැකි කරදර හා වේදනාවන්ගෙන් මොහු ආරක්ෂා කරනු මැන. ඔබ පොරොන්දු ඉටු කරන්නෙකි ඔහුගේ පව් කෂමා කරනු මැනව. කරුණාව දක්වනු මැනව. ඔබ සමාව ලබාදීමේ ශ්‍රේෂ්ඨයෙකු හා අසීමිතවූ කාරුණිකයාණන්ද වන්නේය. (ඉබ්නු මාජා, අබූ දාවූද්)

4

අල්ලාහුම්ම අබ්දුක වබ්නු අමතික ඉහ්තාජ ඉලා රහ්මතික වඅන්ත ඝනියියුන් අන් අදාබිහි ඉන් කාන මුහ්සිනන් ෆසිද් ෆී ඉහ්සානිහි. වඉන් කාන මුසීආන් ෆතජාවස් අන්හු. තේරුමඃ යා අල්ලාහ් ඔබේ වහලාවූ ඔබේ වහලියගේ දරුවා ඔබේ කරුණාව අවශ්‍ය අයෙකු බවට පත්විය. ඔහුට දඬුවම් කිරීමේ අවශ්‍යතාවක් ඔබට නැත. ඔහුට කුසල් ඇත්නම් ඒවා අධික කරනු මැන. ඔහු පව්කළ අයෙකු නම් ඒ ගැන නොසලකා හරිනු මැන (සමාව දෙන්න) (හාකිම්)

Zaker copied