ෂෙයිතාන් එළවා දැමීමට හා ඔහුගේ බාධක (මැදිහත් වීම) නැතිකිරීම සඳහා කළ යුතු දෑ.

1

ඔහුගේ හානිවලින් ආරක්ෂා වීමට අල්ලාහ්ගේ ආරක්ෂාව පැතිය යුතුයි. (අබූදාවූද්, තිර්මිදි, අල්-කුර්ආන් සූරා අල්-මුඃමින් : 88, 99 බලන්න)

2

අදාන් (බාංගු) පැවසීම (මුස්ලිම්, බුහාරි)

3

භාවනාවේ (සික්ර්) හි යෙදීම කුර්ආනය පාරායනා කිරීම. සටහන. ඔබේ නිවසේ සොහොන් (මිනීවලවල්) බවට පත් නොකරන්න. සත්‍යවශයෙන්ම අල් බකරා සූරාව කියවන නිවසින් ෂෙයිතාන් බැහැරවී දුවන්නේය. (මුස්ලිම්) උදේ සවස දික්ර් (භාවනා) හි යෙදීම, නිවසට පිවිසීමේදී හා පිටවීමේදී මස්ජිදය තුලට පිවිසීමේදී හා පිටවීමේදී නින්දට යාමේදී හා නින්දෙන් අවදිවීමේදී ප‍්‍රකාශ කළ යුතු පාඨ කියවීම, නින්දට පෙර ආයතුල් කුර්ෂි කියවීම, අල්-බකරා අවසාන පරිච්ෙඡ්දය කියවීම, ලා ඉලාහ ඉල්ලල්ලාහු වහ්දහූ ලා ෂරීක ලහු ලහුල් මුල්කු වලහුල් හම්දු වහුව අලා කුල්ලි ෂෙයිඉන් කදීර් යනුවෙන් සියවාරයක් කීම යනාදිය මගින් ඒ දවස මුළුල්ලේ ෂෙයිතාන්ගෙන් ආරක්ෂාව අල්ලාහ් ඔහුට සලසා දෙන්නේය.

Zaker copied