කරදර නැතිකර ගැනීමට කිව යුතු ප‍්‍රාර්ථනාව

1

ලා ඉලාහ ඉල්ලල්ලාහු අලීමුල් හලීම්. ලා ඉලාහ ඉල්ලල්ලාහු රබ්බුල් අර්ෂිල් අලීම්. ලා ඉලාහ ඉල්ලල්ලාහු රබ්බුස් සමාවාති වරබ්බුල් අර්ළි වරබ්බුල් අර්ෂිල් කරීම්. තේරුමඃ නැමදුම් ලබන්නා අල්ලාහ් හැර අන් කිසිවෙක් නැත. ඔහු අති උත්තමය කරුණාවන්තය. උත්තරීතර අර්ෂ්හි පරමාධිපති අල්ලාහ් හැර වෙනත් දෙවියකු නොමැත. තවද ගෞරවනීය අර්ෂ්හි පරමාධිපතිද මහපොළොවේ පරමාධිපතිද අහස්හි පරමාධිපතිදවූ අල්ලාහ් හැර වෙනත් දෙවියකු නොමැත. (බුහාරි, මුස්ලිම්)

2

අල්ලාහුම්ම රහ්මතක, අර්ජු ෆලා තකිල්නී ඉලා නෆ්සී තර්ෆත අයිනින්, වඅස්ලිහ්ලී ෂඃනී කුල්ලහු ලා ඉලාහ ඉල්ලා අන්ත. තේරුමඃ යා අල්ලාහ් ඔබේ කරුණාවට පතන්නෙමි. ඇසිපිය හෙළන තරම් සුළු වේලාවකට මගේ හැඟීම්වලට මා වහල් නොකරනු මැන. හෝ මට කැමැති අයුරින් කටයුතු කිරීමට ඉඩ නොදෙනු මැන. මගේ වැඩකටයුතු සියල්ල ක‍්‍රමානුකූලව සකස්කර දෙනු මැනව නැමදුමට සුදුස්සා ඔබ හැර අන් කිසිවෙක් නැත. (අබූ දාවූද්)

3

ලා ඉලාහ ඉල්ලා අන්ත සුබ්හානක ඉන්නී කුන්තු මිනල්ළාලිමීන්. තේරුමඃ (යා අල්ලාහ්) ඔබ හැර වෙනත් දෙවියෙකු නොමැත. ඔබ සුවිශුද්ධය. සත්‍ය වශයෙන් මම පව්කළ අයගෙන් කෙනෙක් වීමි. (තිර්මිදි, හාකිම්)

4

අල්ලාහු අල්ලාහු රබ්බී ලා උෂ්රිකු බිහි ෂෙයිඅන්. තේරුමඃ අල්ලාහ් අල්ලාහ්, මගේ රක්ෂිතයාණනි. ඔහුට මම කිසිවක් සම නොකරන්නෙමි. (අබූ දාවූද්, ඉබ්නු මාජාහ්)

Zaker copied