දුක හා ශෝකය නැතිකර ගැනීමට කිව යුතු ප‍්‍රාර්ථනාව

1

අල්ලාහුම්ම ඉන්නී අබ්දුක ඉබ්නු අබ්දික ඉබ්නු අමතික නාසියති බියදික මාලින් ෆිය්ය හුක්මුක අදලන් ෆියිය කළාඋක අස්අලූක බිකුල්ලි ඉස්මින් හුවලක සම්මෙයිත බිහී නෆ්සක අව් අල්ලම්තහූ අහදන් මින් කල්කික අව් අන්සල්තහූ ෆි කිතාබික අවි අස්තඃසර්ත බිහි ෆි ඉල්මිල් ගයිබි ඉන්දක් අන් තජ්අලල් කුර්ආන. රබීඅ කල්බී වනූර සද්රී වජිලාඅ හුස්නී වදගාබ හම්මී. තේරුමඃ යා අල්ලාහ් සත්‍ය වශයෙන්ම මා ඔබේ වහලෙකි. නුඹේ වහලෙකු හාවහලියකුගේ පුතෙකි. මගේ නළළේ ඉදිරි කෙස් රොද ඔබ අතේය. ඔබේ තීන්දුව මා කෙරෙහි ක‍්‍රියාත්මක වෙමින් පවතී. මට හිමි නීතිය එයයි. ඔබටම විශේෂවූ නම්වලින් මම ඇයැද සිටිමි. ඒවා විදහා පෙන්වන්නෙහිය. (විවිධ නම්වලින් හදුන්වා දෙන්නෙහිය) එසේත් නැත්නම් ධර්මයේ සදහන් කර ඇත. එසේත් නැත්නම් මැවූ සත්වයකුට උගන්වා හෝ සැඟවුන දේවල් දැන ගැනීමේ ඔබේ ඥානය මගින් ඔබ දන්නෙහිය. එවන් කුර්ආනය (දේව ධර්මය) මගේ හදවතේ වසන්තයක් හා ආලෝකයක් බවට පත්කර මගේ දුක හා ශෝකය නැති කරනු මැන. (අහ්මද්, අල්බානී)

2

අල්ලාහුම්ම ඉන්නී අඌදුබික මිනල් හම්මි වල් හ(z)සන් වල් අජ්සි වල් කසල් වල් බුහ්ලි වල් ජුබ්නි වලලඉද්දෙයිනි වගලබතිර් රිජාල්. තේරුමඃ යා අල්ලාහ්, දුක, ශෝකය, නොහැකියාව, උදාසීනබව, මසුරුකම, නිවටකම හා ණය බරින් මිරිකීම යනාදියෙන් මාව ආරක්ෂා කරනමෙන් සත්‍යවශයෙන්ම ඔබෙන් ඉල්ලා සිටිමි. (බුහාරි)

Zaker copied