විත්ර් (සලාතයේ) කුනූත්හි කිව යුතු ප‍්‍රාර්ථනාව.

1

අල්ලාහුම්ම අහ්දිනී ෆීමන් හදෙයිත වආෆිනී ෆීමන් ආෆෙයිත වතවල්ලනී ෆීමන් තවල්ලෙයිත වබාරික්ලි ෆීමා අඃතයිත වකිනී ෂර්රමා කළෙයිත ෆඉන්නක තක්ලී වලා යුක්ලා අලෙයික ඉන්නහූ ලා යදිල්ලූ මන් වාලෙයිත වලා යඉස්සු මන් ආදෙයිත තබාරක්ත රබ්බනා වතආලෙයිත. තේරුමඃ යා අල්ලාහ් ඔබ සෘජු මාර්ගය පෙන්වූ අය මෙන් මාහටද සෘජු මඟ පෙන්වනු මැන. ඔබ නිරෝගි බව ලබාදුන් අය අතුරින් අයකු ලෙස මටද නිරෝගි බව ලබා දෙනු මැන. වගකීම භාරගත් අය අතුරින් මගේ වගකීමත් භාරගනු මැන. මට ලබාදුන් සම්පත්වල අභිවෘද්දිය ඇතිකර, මා වෙනුවෙන් තීරණය කළ (නිගමනය කළ) ඒවායේ ඇති හානිවලින් ආරක්ෂාව සලසනු මැන. සත්‍යවශයෙන් ඔබ ගන්නා තීරණයට විරුද්ධවූ වෙනත් තීරණයක් ඇති නොවන්නේය. ඔබේ වගකීම යටතට පත් කිසිවෙක් අවමානයට පත්වන්නේ නැත. ඔබ විරුද්ධවූ අයෙක් ගෞරවයට පාත‍්‍ර වන්නේද නැත. අපේ පරමාධිපතියාණෙනි, ඔබ අභිවෘද්ධිය ඇති කරන්නේය. (ඔබ) උත්තරීතරය. (තිර්මිදි, ඉබ්නු මාජාහ්, ඉර්වාඋල් කළීල්)

2

අල්ලාහුම්ම ඉන්නී අඌදු බිරිළාක මින් සකතික වඅඌදු බිමුආෆාතික මින් උකුබතික වඅඌදුබක මින්ක ලා උහ්සී සනාඅන් අලෙයික අන්ත කමා අස්නෙයිත අලා නෆ්සික. තේරුමඃ යා අල්ලාහ් ඔබේ පිළිගැනීම තුළින් ඔබේ කෝපයෙන්ද ඔබේ සමාව තුලින් ඔබේ දඬුවමින්ද සත්‍යවශයෙන්ම මා ආරක්ෂාව පතමි. ඔබට ඇති සැටියෙන් ප‍්‍රශංසා කරන්න මට හැකියාවක් නැත’ ඔබ ඔබ ගැන ප‍්‍රශංසා කළ අයුරින්ම ඔබ සිටින්නෙහිය’ (තිර්මිදි, ඉබ්නු මාජාහ්, ඉර්වාඋල් කලීල්)

3

අල්ලාහුම්ම ඉයියාක නඃබුදු වලක නුසල්ලී වනස්ජුදු වඉලෙයික නස්ආ වනහ්ෆිදු නර්ජූ රහ්මතක වනහ්ෂා අදාබක ඉන්න අදාබක බිල් කාෆිරීන මුල්හක්, අල්ලාහුම්ම නස්තඊනුක, වනස්තඃෆිරුක වනුස්හී අලෙයිකල් කයිර වලා නක්ෆුරුක වනුඃමිනු බික වනහ්ළඋ ලක වනහ්ලඋ මන් යක්ෆුරුක තේරුමඃ යා අල්ලාහ් ඔබවම නමදිමු. ඔබ වෙනුවෙන්ම සලාතය ඉටුකර සුජූද් කරන්නෙමු. ඔබ වෙතට වේගයෙන් පැමිණෙන්නෙමු. ඔබේ ආදරය අපේක්ෂා කරමු. ඔබේ දඬුවමට බියවන්නෙමු. සත්‍යවශයෙන්ම ප‍්‍රතික්ෂේප කරන්නා හට ඔබේ දඬුවම හිමිවන්නේය. සත්‍යවශයෙන්ම ඔබේ උපකාරය අයැද සිටිමු. පාපසමාව අයැද සිටිමු. යහපත් ක‍්‍රියා මගින් ඔබට උපහාර දක්වමු’ ඔබව අපි ප‍්‍රතික්ෂේප නොකරන්නෙමු’ ඔබ කෙරෙහි විශ්වාස තබමු. ඔබට අවනතවී ඔබව ප‍්‍රතික්ෂේප කරන්නවුන් අත් හරින්නෙමු. (සුනනුල් කුබ්රා)

Zaker copied