නිදාගැනීමට පෙර කිව යුතු ප‍්‍රාර්ථනා

1

(අල්ලාහ්ගේ දූතයාණෝ නිදි යහනට ගිය විට) තම අත්දෙක එකට තබා (අල්ලට) පිඹ පසුව බිස්මිල්ලා හිර් රහ්මානිර් රහීම් (අල්ලාහ්ගේ නාමය ආමන්ත‍්‍රනය කරමින්) පවසා ඒ මත 1. කුල් හුවල්ලාහු අහද් 2. කුල් අඌදු බිරබ්බිල් ෆලක් 3. කුල් අඌදු බිරබ්බින් නාස් යන සූරා තුන පාරායනය කර හිස, මුහුණ තමන්ට හැකි තරමින් ශරීරයේ අනෙකුත් ස්ථාන තම දෙඅතින් පිරිමදි (මෙසේ තුන්වරක් එතුමාණෝ කළහ) (බුහාරි, මුස්ලිම්)

2

පසුව අල්-කුර්ආන් 2:255 එනම් ආයතුල් කුර්සියියු නමින් හඳුන්වන පරිච්ඡේදය පාරායනා කරන්න.

3

ආමනර් රසූලූ බිමා උන්සිල ඉලෙයිහි මින් රබ්බිහි, වල් මුඃමිනූන් කුල්ලූන් ආමන බිල්ලාහි වමලාඉකතිහි වකුතුබිහි වරසුලිහි, ලා නුෆර්රිකු බයින අහදින් මින් රසූලිහි වකාලූ සමිඃනා වඅතඃනා ගුෆ්රානක රබ්බනා වඉලෙයිකල් මසීර්, ලා යුකල්ලිෆුල්ලාහු නෆ්සන් ඉල්ලා වුස්අහා ලහා මා කසබත් වඅලෙයිහා මක්තසබත් රබ්බනා ලා තුආකිද්නා ඉන්නනීනා අව් අක්තඃනා රබ්බනා වලා තහම්මිල්නා මාලා තාකත ලනා බිහි වඃෆු අන්නා වග්ෆිර්ලනා වර්හම්නා අන්ත මව්ලානා ෆන්සුර්නා අලල් කව්මිල් කාෆිරීන්. තේරුමඃ මෙම ධර්ම දූතයා තම පරමාධිපති විසින් තමන් වෙත පහළ කරනු ලැබූ දේ විශ්වාස කළේය. තවද විශ්වාස කළ අයද එය විශ්වාස කළේය. මේ සියලූ දෙනාම අල්ලාහ්ව ඔහුගේ මලක්වරුන්ව ඔහුගේ ආගම් ඔහුගේ ධර්ම දූතයන් විශ්වාස කළෝය. තවද ඔවූහු ඔහුගේ රසූල්වරුන් අතර වෙනස්කම් නොදැක්වූහ. තවද අපි සවන් දුන්නෙමු. අවනතවුනෙමු’ අපගේ පරමාධි පතියාණනි ඔබේ සමාව අපට ලබා දෙනු මැන. අපි ආපසු එන්නේ ඔබ වෙතටමය. අල්ලාහ්, කිසිම ආත්මයකට එයට දරාගත හැකි පමණට වඩා දුෂ්කරතාවයට ලක් නොකරයි. ඔහු උපයාගත් දෑහි ප‍්‍රතිඵල ඔහුටමය. ඔහු උපයාගත් දෑහි නරකද ඔහුටමය. අපගේ පරමාධිපතියාණනි, අප අමතක කළද වැරදි කළද ඔබ අපව වැරදිකරුවන් ලෙසට පත් නොකරනු මැන. අපගේ පරමාධිපතියාණනි අපට පෙර විසූවන් වෙත බර පටවන ලද්දාක් මෙන් අප හට බර නොපටවනු මැන. අපගේ පරමාධිපතියාණනි, අපට උසුලාගත නොහැකි බර අප මතට නොපටවනු මැන. අපව පිළිගනු මැන. අපව කමා කරනු මැන. අප හට ඔබේ කරුණාව ලබා දෙනු මැන. ඔබමය අපගේ රක්ෂිතයාණන්. (ඔබව) ප‍්‍රතික්ෂේක කළවුන්ට එරෙහිව නැගී සිටීමට අපට උපකාර කරනු මැනව. (බුහාරි, මුස්ලිම්)

4

ඔබ අතර කවරෙකු හෝ තම නිදියහනින් අවදිවී පසුව නැවතත් නිදියහනට යන්නේ නම් තම නිදියහන තෙවතාවක් පිරිසිදු කරගන්න’ ඔහුට පසු එම නිදියහනේ - ඔහුගේ ස්ථානයේ කුමන දේවල් පැමිණ ඇත්දැයි ඔහු නොදනී. පසුව මෙම ප‍්‍රාර්ථනාව පවසන්න. බිසිමික රබ්බී වලඃතු ජන්බී වබික අර්ෆඋහූ ඉන් අම්සක්ත නෆ්සි ෆර්හම්හා වඉන් අර්සල්තහා ෆහ්ෆළ්හා බිමා තහ්ෆලූ බිහී ඉබාදකස් සාලිහීන්. තේරුම- මගේ පරමාධිපතියාණෙනි, ඔබේ නාමයෙන් මගේ සිරුර පැදුරේ (නිදියහනේ) තබමි. ඔබේ නාමයෙන්ම එය ඔසවමි. මගේ ප‍්‍රාණය ඔබ (අල්ලාහ්) ආපසු ගත්තේ නම් එයට ඔබේ කරුණාව යොමු කරනු මැන. එය ඔබ අත්හරින්නේ නම්, (ජීවත් වීමට සලස්වන්නේ නම්) ඔබේ හිතවත් දාසයන් සුරකින ආකාරයෙන් එයද සුරකිනු මැන. (බුහාරි, මුස්ලිම්)

5

අල්ලාහුම්ම හලක්ත නෆ්සී වඅන්ත තවෆ්ෆාහා ලක මමාතුහා වමහ්යාහා ඉන් අහ්යෙය්තහා ෆහ්ෆල්නා වඉන් අමත්තහා ෆක්ෆිර්ලහා අල්ලාහුම්ම ඉන්නී අස්අලූකල් ආෆියා. තේරුමඃ යා අල්ලාහ් සත්‍ය වශයෙන්ම මගේ ප‍්‍රාණය මැවූයේ ඔබය. එය (නිදාගන්න සලස්වා) ආපසු කරගන්නේද ඔබය. මරණය හා ජීවත්වීම ඔබ සතුය. ඔබ එය ජීවත්කරවන්නේ නම්, එය ආරක්ෂා කරනු මැන. මරණයට පත් කරවන්නේ නම්, සමාව ලබා දෙනු මැන. යා අල්ලාහ් මම ඔබෙන් මනා ශරීර සෞඛ්‍යයක් පතමි. (මුස්ලිම්, අහ්මද්)

6

අල්ලාහුම්ම කිනී අදාබක යව්ම තබ්අසු ඉබාදක (තුන්වරක්) තේරුමඃ යා අල්ලාහ් ඔබේ වහලූන් නැගිටුවනු ලබන දිනයේ ඔබේ දඬුවම නමැති වේදනාවෙන් මාව ආරක්ෂා කරනු මැන. සටහනඃ නබිතුමාණෝ නිදාගැනීමට සූදානම්වී තම දකුරණු අත කම්මුල පහළට තබා මේ ප‍්‍රාර්ථනාව කළහ. (අබූ දාවූද්, තිර්මිදි)

7

බිස්මි කල්ලාහුම්ම අමූතු වඅහ්යා. තේරුමඃ යා අල්ලාහ් ඔබේ නාමයෙන් මරණයට (නින්දට) පත්වෙමි) ඔබේ නාමයෙන්ම ජීවය ලබමි. (බුහාරි, මුස්ලිම්)

8

අල්ලාහුම්ම රබ්බස් සමාවාතිස් සබ්ඉ වරබ්බල් අර්ෂිල් අලීම් රබ්බනා වරබ්බ කුල්ල ෂෙයිඉන් ෆාලිකල් හබ්බි වන්නවා වමුන්සිලත් තව්රාති වල් ඉන්ජීලි වල් ෆුර්කානි. වඅඌදු බික මින් ෂර්රි කුල්ලි ෂෙයිඉන් අන්ත ආහිදුන් බි නාසියතිහි. අල්ලාහුම්ම අන්තල් අව්වලූ ෆලෙයිස කබ්ලක ෂෙයිඋන්. වන්තල් ආහිරු ෆලෙයිස ෆව්කක ෂෙයිඋන් වඅන්තල් බාතිනු ෆලෙයිස දූනක ෂෙයිඋන් ඉක්ලි අන්නද් දෙයින වඅඃග්නිනා මිනල් ෆක්රි. තේරුමඃ අහස්හි පරමාධිපතිවූද පොළොවෙහි පරමාධිපතිවූද අති මහත් අර්ෂ්හි පරමාධිපතිවූද යා අල්ලාහ්. අපගේද අනෙක් සියලූම වස්තුවල පරමාධිපතියාණනි, බීජයන් තුලින් නික්මී පැල ඇතිකරනු ලබන්නේ ඔබ විසින්ය. තව්රාත්, ඉන්ජීල් හා ෆුර්කාන් යන ධර්මයන් පහළ කළේ ඔබයි. සෑම දෙයකම නළලෙන් අල්ලාගෙන ඔබ ඒවායින් අපට විය හැකි උවදුරුවලින් ආරක්ෂා කරනු මැන. යා අල්ලාහ්, මූලිකයා (පළමුවැන්න) ඔබය. ඔබට කලින් කිසිවක් නැත. අන්තිමයාද ඔබයි ඔබට පසු කිසිවක් නැත ඉහලම ඉන්නේ ඔබය. ඔබට ඉහලින් යමක් නැත. පහළම ඉන්නේත් ඔබය. ඔබට පහළින්ද යමක් නැත. ණය උවදුරෙන් අප මුදවා දුගීභාවය තුරන්කර සැපසම්පත් ලබා දෙත්වා. මුස්ලිම්)

9

සුබ්හානල්ලාහ් (33 වරක්) අල්හම්දුලිල්ලාහ් (33 වරක්) අල්ලාහු අක්බර් (33 වරක්) යමෙක් තම නිදියහනට ගිය විට පවසයි නම් එයඔහුට සේවකයකුට වඩා උපකාරවන්නේය. (බුහාරි, මුස්ලිම්)

10

අල්හම්දු ලිල්ලා හිල්ලදී අත්අමනා වසකානා වකෆානා වආවානා ෆකම් මිම්මන් ලා කාෆිය ලහූ වලා මුඃවිය. තේරුමඃ අපට කෑම හා බීම සපයාදී අපට ප‍්‍රමාණවත් දෑ ලබාදුන්නාවූද අපට ගෞරවය ලබාදුන්නාවූද අල්ලාහ්ටම සියලූ ප‍්‍රශංසා හිමිවේවා. බොහෝ අයට ප‍්‍රමාණවත් දෑ හා සෙවණක්ද නොමැත. (මුස්ලිම්)

11

අල්ලාහුම්ම ෆාතිරස් සමාවාති වල් අර්ළි ආලිමුල් ගයිබි වෂ්ෂහාදති රබ්බකුල්ල ෂෙයිඉන් වමලීකහූ අඌදු බික මින් ෂර්රි නෆ්සී වමින් ෂර්රිෂ් ෂෙයිතානි වෂිර්කිහි වඅන් අක්තරිෆ අලා නෆ්සී සූඅන් අව් අජුර්රහු ඉලා මුස්ලිමින්. තේරුමඃ සැඟවුන හා නොසැඟවු සියල්ල දන්නාවූද අහස් හා පොළොව මැවූවාවූද යා අල්ලාහ් ඔබ සියලූ දෑහි පරමාධිපතිය. නියතවශයෙන්ම නැමදුමට සුදුස්සා ඔබ හැර අන් කිසිවෙක් නොමැති බවට මලක්වරු සාක්ෂි දරති. අපේ හදවතේ ඇති පාප සිතුවිලි හා ෂෙයිතාන්ගෙන් ඇතිවිය හැකි හානියෙන්ද, ඔබට යමක් සමාන කිරීමෙන්ද, මා විසින් මටම කරගන්නා හානිවලින්ද මගෙන් වෙනත් මුස්ලිම් සහෝදරයෙකුට විය හැකි කරදරවලින්ද ඔබෙන් ආරක්ෂාව පතමි. (අබූ දාවූද්, තිර්මිදි)

12

ඔබේ නිදියහනට පැමිණීමට පෙර සලාතය සඳහා වුළු දෝවනය කරන්නා සේ වුළු කරගෙන පසුව නිදියහනයේ දකුණු පසට හාන්සිවී “අලිෆ් ලාම් මීම් තන්සීලූල්’’ යන (අල්-කුර්ආන් 32 වැනි පරිච්ඡේදය) හා “තබාරකල්ලදී බියදිහිල් මුල්කු’’ යන (අල්-කුර්ආන් 67 වැනි පරිච්ඡේදය) කියවන්න. (තිර්මිදි, නසාඉ” සහීහුල් ජාමිඋ)

13

අල්ලාහුම්ම අස්ලම්තු නෆ්සී ඉලෙයික වෆව්වල්තු අම්රී ඉලෙයික වඅල්ජ:තු ළහ්රී ඉලෙයික රග්බතන් වරහ්බතන් ඉලෙයික ලා මල්ජඅ වලා මන්ජා මින්ක ඉල්ලා ඉලෙයික අල්ලාහුම්ම ආමන්තු බි කිතා බිල්ලදී අන්සල්ත වනබියියිකල්ලදී අර්සල්ත. තේරුමඃ යා අල්ලාහ් මගේ ප‍්‍රාණය ඔබ දෙසට යොමු කළෙමි. මාගේ සියලූ කටයුතුද ඔබ වෙතට යොමු කළෙමි. මගේ පිට (කොන්ද)ද ඔබ දෙසට යොමු කළෙමි. ඒ ඔබේ දායාදයන්ට ආශා කරමින් හා දඬුවමට බියෙන්ය. යා යුතු තැනක් නැත. ඔබ වෙත පැමිණීම හැර යා හැකි වෙනත් තැනක් නැත. යා අල්ලාහ් ඔබද ඔබ විසින් පහළ කළාවූ ධර්මයද ඔබ විසින් එවන ලද ඔබේ නබිවරයාණන්ද මා විශ්වාස කළෙමි. සටහනඃ එසේ පවසා මරණයට පත්වූවෙකු ධර්මයේම මිය යනු ඇතැයි නබි තුමාණෝ පැවසූහ. (බුහාරි, මුස්ලිම්)

Zaker copied