උදේ සවස කිව යුතු ප‍්‍රාර්ථනාව

1

අඌදු බිල්ලාහි මිනෂ් ෂෙයිතානිර් රජීම් අල්ලාහු ලාඉලාහ ඉල්ලාහුවල් හයියුල් කයියූම් ලා තඋහුසුුහු සිනතුන් වලා නව්මුල් ලහූ මා ෆිස්සමාවාති වමා ෆිල්-අර්ලි මන් සල්ලදී යෂ්ෆඋ ඉන්දහු ඉල්ලා බි ඉද්නිහි යඃලමු මා බයින අයිදීහිම් වමා කල්ෆහුම් වලා යුහීතූන බි ෂෙයිඉන් මින් ඉල්මිහි ඉල්ලා බිමාෂාඅ වසිඅ කුර්ෂියියුහුස් සමාවාති වල්-අර්ළ වලා යඌදුහු හිෆ්ලූහුමා වහුවල් අලියියුල් අලීම්. තේරුමඃ පලවා හරිනු ලැබූ ෂෙයිතාන්ගේ (උවදුරුවලින්) ආරක්ෂාව පතමි. ජීවමාන හා අමරණීයවූ අල්ලාහ් හැර වෙනත් දෙවියකු නැත. නිදිබර ගතියක් හෝ නින්දක් හෝ ඔහුට නැත. අහස්වල හා පොළොවේ ඇති සියල්ල ඔහු සතුය. ඔහුගේ අනුමැතියෙන් තොරව කිසිවකුටත් හෝ තව කෙනෙක් වෙනුවෙන් ඉදිරිපත් විය නාහැක’ ඔවුන්ට ඉදිරිපසින්ද පසුපසින්ද ඇති සියල්ල ඔහු හොඳින් දනී. ඔහුගේ මනාපයක් නොමැතිව ඔහු දන්නා කිසිවක් ගැන වෙන කිසිවෙකු විසින් දැනගත නොහැක. ඔහුගේ කුර්ෂිය අහස් හා පොළොව පුරා විශාලව පවතී. ඒ දෙක පාලනය කිරීම (අහස් හා පොළොව) ඔහුට සුළු දෙයකි. ඔහු ශ්‍රේෂ්ඨය. අභිමානවත්ය. (සෑම සලාතයක් අවසානයේ මෙය කියවිය යුතුයි) සටහනඃ යමෙක් මෙය උදෑසන කියවයිනම් සවස දක්වාද සවස කියවයි නම් පසුදා උදෑසන දක්වාද ජින්වරුන්ගේ හානිවලින් ආරක්ෂා වන්නේය. (හාකිම්, අල්බානි)

2

බිස්මිල්ලාහිර් රහ්මානිර් රහීම්. කුල්හුවල්ලාහු අහද් අල්ලාහුස් සවද් ලම්යලිද් වලම්යූලද් වලම් යකුන් ලහූ කුෆුවන් අහද්. තේරුමඃ මහා කාරුණිකවූද පරම දයාබරවූද අල්ලාහ්ගේ නාමයෙන්. ( ඕ මුහම්මද්) පවසනු, ඔහු අල්ලාහ් එක්කෙනෙකි. කිසිදෙයක් ඔහුට අවශ්‍ය නැත. සියල්ලන්ටම ඔහුගේ කරුණාව අවශ්‍යය. ඔහුව වදනු ලැබුවේද නැත. ඔහු වැදුවේද නැත. ඔහුට සමාන කිසිවකුද නැත. බිස්මිල්ලාහිර් රහ්මානිර් රහීම්. කුල් අඌදු බිරබ්බිල් ෆලක්. මින් ෂර්රි මා හඃලක්. වමින් ෂර්රි ගාසිකින් ඉදා වකබ් වමින්ෂර්රි නෆ්ෆාසාති ෆිල් උකද්. වමින් ෂර්රි හාසිදින් ඉසා හසද්. තේරුමඃ අපරමිත දයාන්විත අසමසම කරුණාන්විත අල්ලාහ්ගේ නාමයෙන්. ( ඕ මුහම්මද්) පවසනු, මවන ලැබූ දෑහී හානියෙන්ද රාත‍්‍රියේ අඳුර පැතිරී යන විට ඇතිවන කළුවරෙහි හානියෙන්ද. ගැටවල මතුරා පිඹින ස්ත‍්‍රීන්ගෙන් සිදුවන හානියෙන්ද. ඊර්ෂ්‍යයා කරන අය ඊර්ෂ්‍යයා කරනවිට සිදුවන හානියෙන්ද. අරුණෝදයේ පරමාධිපතියාණන්ගේ ආරක්ෂාව පතමි. බිස්මිල්ලා හිර් රහ්මානිර් රහීම්. කුල් අඌදු බිරබ්බින් නාස්. මලිකින්නාස්. ඉලා හින්නාස්. මින් ෂර්රිල් වස්වාස් අල්හන්නාස් අල්ලසී යුවස්විසු ෆී සුදූරින්නාස්. මිනල් ජින්නති වන්නාස්. තේරුම: අපරමිත දයාන්විත අසමසම කරුණාන්විත අල්ලාහ්ගේ නාමයෙන්. (ඕ මුහම්මද්) පවසනු, පසුපසින් සැගවී සිට (සිත්වල) සැකයක් ඇතිකරවන ෂෙයිතාන්ගේ හානියෙන්. මිනිසුන්ගේ පරමාධිපතිවූද මිනිසුන්ගේ රජුවූද (අල්ලාගේ) ආරක්ෂාව අයැද සිටිමි ඔහු (ෂෙයිතාන්) මිනිසුන්ගේ සිත්තුල බොරු සැක ඇති කරවන්නේය. මෙවැන්නන් මිනිසුන් අතරේත්. ජින් (වර්ගයා) අතරේත් සිටින්නෝය. කවරෙකු මෙය තුන්වරක් උදේ හා හවස පවසන්නේද (ඔහුගේ) සියලූ දෑට එය ඔහුට ප‍්‍රමාණවත් වන්නේය. (අබූ දාවූද්, නසාඊ, තිර්මිදි)

3

අස්බහ්නා වඅස්බහල් මුල්කු ලිල්ලාහ් වල්හම්දු ලිල්ලාහ් ලා ඉලාහ ඉල්ලාහු වහ්දහූ ලා ෂරීකලහූ ලහුල් මුල්කු වලහුල් හම්දු වහුව අලා කුල්ලි ෂෙයිඉන් කදීර් රබ්බි අස් අලූක කෛර මඃෆිහාඃතල් යව්බි ව ෂර්රි මා බඃදහු රබ්බි අඌදුබික මිනල් කසලි වසූඉල් කිබරි රබ්බි අඌදු බික මින් අතාබින් ෆින් නහාරි වඅදාබින් ෆිල් කබ්රි. තේරුම: අපි උදේ කාලයට උදාවුනෙමු. පාලනය කිරීමේ ශක්තිය අල්ලාහ්ටම හිමි විය. සියලූ ප‍්‍රශංසා අල්ලාහ් සතුය. නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර අනි කිසිවෙක් නැත. ඔහු එක් අයකි. ඔහු අසමසමය. පාලනය ඔහු සතුය. සියලූ ප‍්‍රශංසා ඔහුටය. ඔහු සියලූ දේ කෙරෙහි තම බලය පවත්වයි. මගේ පරමාධිපතියාණනි. අද දවසේද අදින් පසු සිදුවිය හැකි යහපත මට ලබා දෙනු මැනවි. තවද අද දවසේ හා අදින් පසුවද සිදුවිය හැකි හානියෙන් මාව ආරක්ෂා කරනු මැන. මගේ ආරක්ෂිතයාණෙනි, උදාසීනත්වය හා මහළු වයෝවෘද්ධ භාවයෙන් (වියහැකි හානිවලින්) ආරක්ෂාව පතමි. මගේ පරමාධිපතියාණනි, මිනිවලේ (කබ්රයේ) හා අපායේ සිදුවිය හැකි වේදනාවන්ගෙන්ද ආරක්ෂාව පතමි. (මුස්ලිම්) සටහන : සැන්දෑ කාලයේදී වෙනුවට තේරුම: අපි සැන්දෑ කාලයට පැමිණියෙමු. පාලන බලතල අල්ලාහ්ටම හිමි විය. තවද යනුවෙන්ද කිවය යුතුයි. තේරුම: මගේ පරමාධිපතියාණනි, මෙම රාත‍්‍රයේද ඉන් පසුවද සිදුවිය හැකි යහපත මට ලබා දෙනු මැනවි. තවද මෙම රාත‍්‍රියේ හා ඉන්පසු සිදුවිය හැකි හානියෙන් මාව ආරක්ෂා කරනු මැන.

4

අල්ලාහුම්ම බික අස්බහ්නා වබික අම්සයිනා වබික නහ්යා වබික නමූතු වඉලෙයිකල් මසීර්. තේරුම - යා අල්ලාහ් ඔබේ උපකාරයෙන් අපි උදෑසනට පිවිසියෙමු. එලෙසම සවස් කාලයටද පිවිසෙන්නෙමු. ඔබ නිසාම ජීවත්ව සිටින්නෙමු. ඔබ නිසාම මරණයට පත්වන්නෙමු. (මරණයෙන් පසු) නැවත පැමිණෙන්නේත් ඔබ වෙතටමය. සටහනඃ ඉහත සඳහන් ප‍්‍රාර්ථනාව උදේ කාලයේ කිව යුතු අතර සන්ධ්‍යා කාලයේ පහත සඳහන් අයුරින් කිව යුතුය. අල්ලාහුම්ම බික අම්සයිනා වබික අස්බහ්නා වබික නහ්යා වබික නමූතු වඉලෙයිකන් නුෂූර්. තේරුමඃ යා අල්ලාහ් ඔබේ උපකාරයෙන් අපි සන්ධ්‍යා කාලයට පිවිසියෙමු. ඔබ නිසාම උදෑසනට පිවිසියෙමු. ඔබ නිසාම ජීවත්ව සිටින්නෙමු. ඔබ නිසාම මරණයට පත්වන්නෙමු. (මරණයෙන් පසු) නැවත පැමිණෙන්නේත් ඔබ වෙතටමය. (තිර්මිදි)

5

අල්ලාහුම්ම අන්ත රබ්බී ලා ඉලාහ ඉල්ලා අන්ත කලක්තනී වඅන අබ්දුක වඅන අලා අහ්දික වවඃදික මස්තතඃතු අඌදු බික මින් ෂර්රිමා සනඃතු අබූඋ ලක බිනිඃමතික අලෙයිය වඅබූඋ බිදන්බී ෆඃෆිර්ලි ෆඉන්නහූ ලා යඃෆිරුද් දුනූබ ඉල්ලා අන්ත. තේරුමඃ යා අල්ලාහ් මගේ පරමාධිපති ඔබය. නමැදුමට සුදුස්සා ඔබ හැර අන් කිසිවෙකු නැත. ඔබ මාව මැව්වේය. මා ඔබගේ වහලාය. මට හැකි පමණින් ඔබ හා වුණු ගිවිසුම හා පොරොන්දුව ඉටු කරමි. මම කළ දෑහි හානියෙන් ආරක්ෂාව ඔබෙන් පතමි’ ඔබ මට ලබාදුන් දායාදයන් මගින් ඔබ වෙතට මා නැඹුරු වන්නෙමි. තවද මා කළ පාපයන් මම පිළිගනිමි. එනිසා මට සමාව දෙනු මැන. නියතවශයෙන්ම ඔබ හැර පාපයන්ට සමාව ලබා දීමට කිසිවෙකු නැත. සටහන: ඉරබසින අවස්ථාවක දැඩි විශ්වාසයෙන් ඉහත සදහන් පරිදි යමෙක් ප‍්‍රකාශ කර රාත‍්‍රියේ මිය ගියහොත් ඔහුට ස්වර්ගය හිමිවන්නේය. උදෑසන ප‍්‍රකාශ කර දවල් කාලයේ මිය ගියත් ප‍්‍රතිඵල එසේය. (බුහාරි)

6

අල්ලාහුම්ම ඉන්නී අස්බහ්තු උෂ්හිදුක වඋෂ්හිදු හම්ලත අර්ෂික වමලායිකතික වජමීඅ කල්කික අන්නක අන්තල්ලාහු ලා ඉලාහ ඉල්ලා අන්න මුහම්මදන් අබ්දුක වරසූලූක. තේරුමඃ යා අල්ලාහ්, ඔබ, ඔබේ අර්ෂය දරා සිටින මලක්වරු හා සියලූම මැවීම් මත සාක්ෂි දරමින් මම උදෑසනට පිවිසුනෙමි. ඔබ හැර වෙනත් දෙවියකු නොමැත. මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමා ඔබේ දාසයා හා දූතයාය. සටහනඃ උදෑසන හෝ සන්ධ්‍යාකාලයේ මෙය හතරවරක් කියයි නම්, අල්ලාහ් විසින් ඔහු අපායෙන් මුදවා ගන්නේය. (අබූ දාවූද්, බුහාරි, නසාඉ)

7

අල්ලාහුම්ම මා අස්බහ බී මින් නිඃමතින් ෆමින්ක වහ්දක ලා ෂරීකලක ෆලකල් හම්දු වලකෂ් ෂුක්රු තේරුම: යා අල්ලාහ් මට (හෝ ඔබ මැවූ ඕනෑම සත්වයකුට) හිමිදිරි උදයක පහළ වන කරුණාවක් ඇත්නම් ඒ ඔබ වෙතින්ය. ඔබ ඒකීය. තවද අසම සමය. ප‍්‍රශංසා සියල්ල ඔබ සතුය. කෘතඥතාවයද ඔබටමය. සටහන: සන්ධ්‍යාවක නම් අල්ලාහුම්ම මා අම්සා බී මින් නිඃමතින් යනුවෙන් පටන් ගෙන අවසන් කළ යුතුය. (අබූ දාවූද්, නාසඉ)

8

අල්ලාහුම්ම ආෆිනී බදනී අල්ලාහුම්ම ආෆිනී ෆී සම්ඉ අල්ලාහුම්ම ආෆිනි ෆී බසරි ලා ඉලාහ ඉල්ලා අන්ත අල්ලාහුම්ම ඉන්නී අඌදු බික මිනල් කුෆ්රි වල් ෆක්රි වඅඌදුබික මින් අදාබිල් කබ්රි ලා ඉලාහ ඉල්ලාහ් අන්ත. (තුන්වරක් පවසන්න) තේරුම: යා අල්ලාහ්, මගේ ශරීරයට නිරෝගිභාවය ලබා දෙත්වා. යා අල්ලාහ් මගේ කන්වලට නිරෝගිභාවය ලබා දෙත්වා. යා අල්ලාහ් මගේ ඇස්වලට නිරෝගිභාවය ලබා දෙත්වා. නැමදුමට සුදුස්සා ඔබ හැර අන් කිසිවෙක් නැත. යා අල්ලාහ් (ඔබව) ප‍්‍රතික්ෂේප කිරීමෙන්ද, දුප්පත් කමින්ද, ආරක්ෂාව ඔබෙන් පතමි. කබ්රයේ (මිනීවලේ) වේදනාවන්ගෙන්ද මා ආරක්ෂා ඔබෙන් පතමි. නැමදුමට සුදුස්සා ඔබ හැර අන් කිසිවෙක් නැත. (අබූ දාවූද්, අහ්මද්, නසාඉ, බුහාරි)

9

හස්බියල්ලාහු ලා ඉලාහ ඉල්ලාහුව අලෙයිහි තවක්කල්තු වහුව රබ්බුල් අර්ෂිල් අළීම්. තේරුම: අල්ලාහ්ම මට ප‍්‍රමාණවත්ය. නමැදුමට සුදුස්සා ඔහු හැර වෙන කිසිවෙක් නැත. (මගේ සියලූම කාර්යයන්) මම ඔහුටම භාර කරමින් විශ්වාසය තබමි. ඔහු උත්තරීතර අර්ෂයෙහි පරමාධිපතිය. සටහනඃ උදේ සවස මෙය හත්වරක් ප‍්‍රකාශ කරන්නේ නම් ඔහුගේ (එලොව හා මෙලොව ජීවිතයේ) වැදගත් දෑ සදහා ප‍්‍රමාණවත් වන්නේය. (ඉබ්නු සුන්නි, අබූ දාවූද්)

10

අල්ලාහුම්ම ඉන්නී අස්අලූකල් ආෆියත ෆිද් දුන්යා වල්-ආහිරා අල්ලාහුම්ම ඉන්නී අස්අලූකල් අෆ්ව වල් ආෆියත ෆී දීනී වදුන්යාය වඅහ්ලී වමාලී අල්ලාහුම්මස්තුර් අව්රාති වආමින් අව්ආතී අල්ලාහුම්මහ් ෆල්නී මින් බයිනි යදයිය’ වමින් කල්ෆි වඅන් යමීනී. වඅන් ෂිමාලී වමින් ෆවිකී ව අඌදු බි අළමතික අන් උඃතාල මින් තහ්තී. තේරුමඃ යා අල්ලාහ් මොලොව හා පරලොව සමාව හා නිරෝගීභාවය ඔබෙන් පතමි. යා අල්ලාහ් මගේ ආගම, මෙලොව ජීවිතය, මගේ පවුල හා මගේ සැප සම්පත්වලට ඔබේ සමාව හා යහපත අයැද සිටිමි. යා අල්ලාහ් මගේ අඩුපාඩු වසංකරනු මැන. මගේ බිය තුරන් කරනු මැන. මගේ ඉදිරිපස, පසුපස, දකුණු පස, වම්පස, ඉහළ හා පහල දිශාවන් තුලින් ආරක්ෂාව සලසනු මැන. මට පහලින් විය හැකි අනතුරු ඔබේ ශ්‍රේෂ්ඨත්වයෙන් මඟහරවනු මැන. (අබූ දාවූද්, ඉබ්නු මාජාහ්)

11

අල්ලාහුම්ම ෆාතිරස් සමාවාති වල් අර්ලි ආලිමිල් ගයිබි වස්සහදති අන්ත රබ්බ කුල්ලි ෂෙයිඉන් වමලාඉකතු යෂ්හදූන අන්නක ලා ඉලාහ ඉල්ලා අන්ත නඌදු බික මින්ෂර්රි අන්ෆුසිනා වමින් ෂර්රි ෂෙයිතානිර් රජීම්. වෂිර්කිහි වඅන් නක්තරිෆ සූඅන් අලා අන්ෆුසිනා අව් අව් නජුර්රහූ ඉලා මුස්ලිමීන්. තේරුම: සැඟවුන හා නොසැඟවු සියල්ල දන්නාවූද අහස් හා පොළොව මැවූවාවූද යා අල්ලාහ් ඔබ සියලූ දෑහි පරමාධිපතිය. නියත වශයෙන්ම නැමදුමට සුදුස්සා ඔබ හැර අන් කිසිවෙක් නොමැති බවට මලක්වරු සාක්ෂි දරති. අපේ හදවතේ ඇති පාප සිතුවිලි හා ෂෙයිතාන්ගෙන් ඇතිවිය හැකි හානියෙන්ද, (ඔබට) යමක් සම කිරීමෙන්ද ආරක්ෂාව ඔබෙන් පතන්නෙමු. අපි අපටම හානිකරගැනීමෙන්ද වෙනත් මුස්ලිම් වරයෙකුට අපෙන් සිදුවිය හැකි අයහපත් ක‍්‍රියාවන්ගෙන්ද අපි ආරක්ෂාව පතමු. (තිර්මිදි, අබූදාවූද්)

12

බිස්මිල්ලාහිල්ලදී ලා යළුර්රු මඅස්මිහි ෂෙයිඋන් ෆිල් අර්ලි වලා ෆිස්සමාඉ වහුවස් සමීඋල් අලීම්’ (තුන්වරක් පවසන්න’* තේරුමඃ අහස් හා පොළොව තුළ ඔහුගේ නාමය සමග කිසිම වස්තුවකට ගැටිය නොහැකි (අනතුරක් කළ නොහැකි) වූ අල්ලාහ්ගේ නාමයෙන් ආරක්ෂාව පතමි’ ඔහු සියල්ල අසා සිටින්නාය. සර්වඥය. සටහනඃ කවරකු හෝ උදේ සවස මෙය තුන්වරක් ප‍්‍රකාශ කරයි නම් ඔහුට කිසිවකින් අනතුරක් සිදු නොවන්නේය. (අබූදාවූද්, තිරිමිදි, ඉබ්නු මාජාහ්, අහ්මද්)

13

රළීතු බිල්ලාහි, රබ්බන් වබිල් ඉස්ලාමි දීනන් වබි මුහම්මදින් නබිය්යන්. (තුන් වරක් පවසන්න) තේරුම: අල්ලාහ්ව පරමාධිපති ලෙසද ඉස්ලාමය ආගම ලෙසද මුහම්මද් තුමා වක්තෘවරයාණන් ලෙසද මම පිළිගනිමි. සටහන: උදේ සවස තුන්වරක් කවුරු හෝ මෙය ප‍්‍රකාශ කරයි නම්, ඔහුව පරලොවදී තෘප්තියට පත් කිරීම අල්ලාහ්ගේ වගකීම බවට පත්වන්නේය. (අහ්මද්, නසාඉ, ඉබ්නු සුන්නි)

14

යා හය්යු යා කයියූම්, බිරහ්මතික අස්තගීසු අස්ලිහ් ලී ෂඃනී කුල්ලහූ වලාතකිල්නී ඉලා නෆ්සී තරෆත අයිනින්. තේරුම: සදාකාලික ජීවමානයාණනි, ඔබේ කරුණාවෙන් මා ආරක්ෂාව පතමි. මගේ කටයුතු සියල්ල මනාව කිරීමට පහසු කරනු මැන. (එහෙත්) මගේ ඇසි පිය හෙලන තරම් කාලයක් හෝ ඔබෙන් ඈත්වීමට ඉඩ නොදෙනු මැන. (හාකිම්)

15

අස්බහ්නා වඅස්බහල් මුල්කු ලිල්ලාහි රබ්බිල් ආලමීන් අල්ලාහුම්ම ඉන්නී අස්අලූක කයිර හාදල් යව්මි ෆත්හහූ වනස්රහූ වනූරහු වබරකාතහූ වහුදාහු වඅඌදුබික මින් ෂර්රි මා ෆීහි වෂර්රි මා බඃදහූ. තේරුම: අපි උදෑසනට පිවිසියෙමු විශ්වයේ පරමාධිපතියාණන් වන අල්ලාහ් සතු පාලනයද උදෑසනට පිවිසියේය. යා අල්ලාහ්, මේ දවසේ යහපත ජයග‍්‍රහණය, ආලෝකය, උපකාරය, සෘජු මාර්ගය, අභිවෘද්ධිය, යනාදි සියල්ලක්ම ඔබෙන් ඉල්ලා සිටිමු. තවද මෙම දවසේ දීද ඉන්පසුවද සිදුවිය හැකි හානිවලින් මම ඔබෙන් ආරක්ෂාව පතමි. (අබූ දාවූද) සටහන: සන්ධ්‍යා කාලයේ අස්බහ්නා වඅස්බහල් මුල්කු යන ස්ථානයේ අම්සයිනා වඅම්සල් මුල්කු යනුවෙන්ද හාදල් යව්මි යන ස්ථානයේ හාදල් ලයිලති යනුවෙන් පවසන්න.

16

අස්බහ්නා අලා ෆිත්රතිල් ඉස්ලාමි වඅලා කලිමතිල් ඉක්ලාසි වඅලා දීනි නබියියිනා මුහම්මදින් සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම. වඅලා මිල්ලති අබීනා ඉබ්රාහීම් අලෙයිහිස් සලාම් හනීෆන් මුස්ලිමන් වමා කාන මිනල් මුෂ්රිකීන්. තේරුමඃ ඉස්ලාම් ආගම, ශුද්ධවූ කලිමාව, අපගේ නබි මුහම්මද්ගේ ආගම හා අප පියා වූ නබි ඉබ්රාහිම් තුමාගේ ආගමද සතුව අප උදෑසනට පිවිසියෙමු. එතුමා (ඉබ්රාහිම් අසත්‍ය ආගම්වලින් ඈත්වී) සත්‍යකරා යොමුවූ, මුස්ලිම් වරයකු විය. තවද අල්ලාහ්ට යමක් සමකළ අයකු නොවීය. (අහ්මද්) සටහනඃ සනධ්‍යා කාලයේ අම්සෙයිනා අලා ෆිත්රතිල් ඉස්ලාමි යනුවෙන් පවසන්න. (අහ්මද් අල්-ජාමිඋ)

17

සුබ්හානල්ලාහි වබිහම්දිහි. තේරුමඃ අල්ලාහ් සුවිශුද්ධය. ඔහුගේ ශ්‍රේෂ්ඨත්වය තුළින් ඔහුව ප‍්‍රශංසා කරමි. සටහනඃ උදේ සවස මෙය සියවතාවක් යමෙක් කියයි නම්, ඔහුට වඩා වටිනාකමක් කිසිවෙකු පරලොවට නොගෙනෙන්නේය. එලෙසම කී තැනැත්තකු හෝ ඊට වඩා වැඩියෙන් කී අයකු හැර. (මුස්ලිම්)

18

ලා ඉලාහ ඉල්ලල්ලාහු වහ්දහූ ලා ෂරීකලහූ ලහුල් මුල්කු වලහුල් හම්දු වහුව අලා කුල්ලි ෂයිඉන් කදීර්. තේරුම: නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙන කිසිවෙක් හෝ කිසිවක් නොමැත. ඔහු එකීයය. අසමසමවූ ඔහුට පාලන බලතල හිමිවන්නේය. ප‍්‍රසංශා සියල්ල ඔහුටය. සෑම දෙයක් කෙරෙහිම ඔහුගේ ශක්තිය බලපවත්වන්නේය. සටහනඃ 1. 10 (දස) වරක් පවසන්න) (නසාඉ) 2. උදාසීන අවස්ථාවල එක් වරක් පවසන්න. (අබූ දාවූද්, ඉබ්නු මාජාහ්, අබූ දාවූද්)

19

තවද මෙය (ඉහත සදහන් ප‍්‍රාර්ථනය) උදෑසන සියවරක් කියයි නම්, වහලූන් දසදෙනෙකු නිදහස් කළ පිනක් හා තවත් පින් සියයක් සටහන් වන්නේය. පව් සියයක් ඉවත්වෙන්නේය. තවද එමගින් ෂෙයිතාන්ගෙන් රැකවරණය සන්ධ්‍යාවනතුරු හිමිවනු ඇත. ඔහුට වඩා වටිනාකමක් කිසිවෙකු පරලොවට නොගෙනෙන්නේය. එලෙසම කී තැනැත්තකු හෝ ඊට වඩා වැඩියෙන් කී අයකු හැර.) (බුහාරි මුස්ලිම්)

20

සුබ්හානල්ලාහි වබිහම්දිහි අදද හඃල්කිහි. වරිළා නෆ්සිහි වසීනත අර්ෂිහි වමිදාද කලිමාතිහි. - උදෑසන තුන්වරක්. තේරුමඃ අල්ලාහ් සුවිශුද්ධය. ඔහුගේ ප‍්‍රශංසාවේ තරමට ඔහුගේ මැවීම්වල ප‍්‍රමාණයට ඔහුගේ පිළිගැනීමේ ප‍්‍රමාණයට ඔහුගේ අර්ෂ් (සිංහාසනයේ) බර ප‍්‍රමාණයට ඔහුගේ වචන ලියවුන (තීන්තවල) ප‍්‍රමාණයට ඔහු සුවිශුද්ධය. ඔහුව මම සුවිශුද්ධ කරමි.)

21

අල්ලාහුම්ම ඉන්නී අස්අලූක ඉල්මන් නාෆිඅන් වරිස්කන් තයියිබන් වඅමලන් මුත කබ්බලන් උදෑසන ප‍්‍රකාශ කරන්න. තේරුම: යා අල්ලාහ් ප‍්‍රයෝජනවත් අධ්‍යාපනයද පිරිසිදු (පාපයෙන් තොර) ආහාරද පිළිගනු ලබන ක‍්‍රියාවන්ද මම ඔබෙන් පතමි. (ඉබ්නු සුන්නී, ඉබ්නු මාජාහ්, සාදුල් මආද්)

22

අස්තඃෆිරුල්ලාහ වඅතූබු ඉලෙයිහි. දිනකට සියවරක් තේරුමඃ අල්ලාහ්ගෙන් පාප ක්ෂාම අයැදිමි. ඔහු වෙතට යොමු වෙමි. (බුහාරි, මුස්ලිම්)

23

අල්ලාහුම්ම සල්ලි වසල්ලිම් අලා නබියියිනා මුහම්මදින්. තේරුමඃ යා අල්ලාහ් අපගේ නබි මුහම්මද්(සල්) තුමා වෙත ඔබේ කරුණාව හා ශාන්තිය පහළ කරත්වා. සටහනඃ උදේ සවස දසවරක් බැගින් යමෙක් මට ආශිර්වාද කරයි නම්, මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනදී මම ඔහු වෙනුවෙන් පෙනී සිටින්නෙමි. (තබරානි)

Zaker copied