යහපත් මාර්ගයක් හෝ තීරණයක් සඳහා මඟ පෙන්වීම පතා ඉටුකරන ඉස්තිකාරා සලාතයේ ප‍්‍රාර්ථනාව

1

ජාබිර් (රලි) තුමා මෙසේ දන්වයි. නබි(සල්) තුමන් කුර්ආනයේ පාඩමක් උගන්වන අයුරින්ම යම් යහපත් වැඩක් කිරීම සඳහා මග පෙන්වීමක් ඉල්ලීම පිළිබඳව ඉගැන්වූහ. යම් කිසි හොඳවැඩක් පටන් ගැනීමට පෙර යහ මඟ පතා සුන්නත් (අනිවාර්ය නොවූ) සලාත රකඅත් දෙකක් ඉටුකර පහත සදහන් පරිදි ප‍්‍රාර්ථනා කරන මෙන් කියා දුන්හ. 74. අල්ලාහුම්ම ඉන්නී අස්තගීරුක බි ඉල්මික වස්තක්දිරුක බිකුද්රතික වඅස්අලූක මින් ෆළ්ලිකල් අළීම්. ෆ ඉන්නක තක්දිරු වලා අක්දිරු වතඃලමු වඅන්ත අල්ලාමුල් ගුයූබ්. අල්ලාහුම්ම ඉන්කුන්ත තඃලමු අන්න හාදල් අම්ර, (ඊලගට තම අවශ්‍යතාව කියයි) හෛරන් ලී ෆී දීනි වමආෂී වආකිබති අම්රි ෆක්දුර්හු වයස්සිර්හු ලී සුම්ම බාරික් ලී ෆීහි. වඉන් කුන්ත තඃලමු අන්න හාදල් අම්ර ෂර්රුන් ලී ෆී දීනී. වමආෂී වආකිබති අම්රී ෆස්රිෆ්හු අන්නී වස්රිෆ්නී අන්හු වක්දුර්ලී අල් කෛර හයිසු කාන සුම්ම අර්ලිනී. තේරුමඃ යා අල්ලාහ් ඔබේ දැනුම තුලින් මම යහපත බලාපොරොත්තු වෙමි. ඔබේ ශක්තිය තුළින් මාව ශක්තිමත් කරනු මැන. ඔබේ මහත්වූ ශ්‍රේෂ්ඨත්වයෙන් ඔබෙන් මෙසේ ඉල්ලා සිටිමි. නියතවශයෙන්ම ඔබ සියලූ දේ පිළිබද ශක්තිය ඇත්තෙකි. මට ශක්තියක් නොමැත. ඔබ හොඳ හා නරක හොඳින් දන්නෙහිය. එහෙත් මම නොදනිමි. සැඟවුන දේ ගැනද ඔබ හොදින් දන්නෙහිය. (ඊලගට තමා කරන්න යන කටයුත්ත සදහන් කර) යා අල්ලාහ්, මෙම කටයුත්ත මගේ ආගම, මගේ ජීවිතය, මගේ කටයුතුවල අවසානයේ යහපතක් වේවි නම් (හෝ මෙම කටයුත්තේ ප‍්‍රමාදය හෝ ඉක්මන් භාවය යහපත ඔබ සිතන්නේ නම්) එය මගේ ඉරණමෙහි ඇතුල්කොට පහසු කර දී පසුව එහි අභිවෘද්ධියද ලබා දෙනු මැන. එහි යහපත සලසා දෙනු මැන. එමෙන්ම මෙම කටයුත්ත මගේ ආගම, මගේ ජීවිතය, මගේ කටයුතුවල අවසානයේ අයහපතක් වේවි යැයි ඔබ සිතන්නේ නම් (හෝ මෙම කටයුත්තේ ප‍්‍රමාදය හෝ ඉක්මන් භාවයේ අයහපත ඔබ සිතන්නේ නම් හෝ) එය මගෙන් දුරස් කර මාවද එයින් දුරස් කරනු මැනව. යහපතම මගේ ඉරණමට එක් කර එයින් මා තෘප්තිමත් කරනු මැනව. කවරෙකු තම කාර්යයන්හි මැවුම්කරු වන අල්ලාහ්ගෙන් යහමග පතා, සෙසු මූඃමීන්වරුන් සමග සාකච්ඡා කර තම තීරණයෙහි සෘජුව සිටින්නේද ඔහු කිසිදවසක පසුතැවිලි නොවෙයි. අල්ලාහ් මෙසේ පවසයි. ‘එම කරුණ ගැන ඔවුන් සමග සාකච්ඡා කරන්න‘ එය ස්ථාවරවූ විට අල්ලාහ් කෙරෙහි විශ්වාසය තබන්න.(අල්-කුර්ආන් 3 : 159)

Zaker copied