සලාතය අවසානයේ (සලාම් කීමෙන් පසු) කිව යුතු ප‍්‍රාර්ථනාවන්

1

අස්තඃෆිරුල්ලා (තුන්වතාවක්) තේරුමඃ මගේ පාපයන් ක්‍ෂමා කරනමෙන් අල්ලාහ්ගෙන් අයැදිමි. අල්ලාහුම්ම අන්තස් සලාම්, වමින්කස් සලාම්, තබාරක්ත යාදල් ජලාලි වල් ඉක්රාම්. තේරුම: යා අල්ලාහ් ශාන්තිය ඔබයි. ශාන්තිය ඇතිවනුයේ ඔබෙන්ය. සියළු ආශීර්වාද ඔබටය, ගෞරවනීවූද අභිමානවත්වූද ඔබ භාග්‍ය වන්තයාය. (මුස්ලිම්)

2

ලා ඉලාහ ඉල්ලල්ලාහු වහ්දහු ලා ෂරීකලහු ලහුල් මුල්කු වලහුල් හම්දු වහුව අලා කුල්ලි ෂයිඉන් කදීර්. අල්ලාහුම්ම ලා මානිඅ ලිමා අඃතයිත වලා මුඃතිය ලිමා මනඃත වලා යන්ෆඋ දල් ජද්දි මින්කල් ජද්දු තේරුම: නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙන කිසිවෙක් හෝ කිසිවක් නොමැත. ඔහු එකීයය. අසමසමවූ ඔහුට පාලන බලතල හිමිවන්නේය. ප‍්‍රසංශා සියල්ල ඔහුටය. සෑම දෙයක් කෙරෙහිම ඔහුගේ ශක්තිය බලපවන්නේය. යා අල්ලාහ්! ඔබ දුන් දෙයක් වළක්වාලීමට කිසිවකුට හැකියාවක් නොමැත තවද ඔබ නොදුන් දෙයක් දීමට කිසිවකුට හැකියාවක් නොමැත. (ඔබ දඬුවමක් දෙන්නේ නම්) ධනවතකුට තම ධන බලය යෙදවීමෙන් එය වළක්වාලිය නොහැකිය. (බුහාරි, මුස්ලිම්)

3

ලා ඉලාහ ඉල්ලල්ලාහු වහ්දහූ ලා ෂරීක ලහූ ලහුල් මුල්කු වලහුල් හම්දු වහුව අලා කුල්ලි ෂෙයිඉන් කදීර්. ලා හව්ල වලා කුව්වත ඉල්ලා බිල්ලාහි ලා ඉලාහ ඉල්ලල්ලාහු වලා නඃබුදු ඉල්ලා ඉයියාහු ලහුන් නිඃමතු වලහුල් ෆල්ලූ වලහුල් සනාඋන් හසන් ලා ඉලාහ ඉල්ලල්ලාහු. මුහ්ලිසීන ලහුද්දීන වලව් කරිහල් කාෆිරූන්. තේරුම: නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙන කිසිවෙක් හෝ කිසිවක් නොමැත. ඔහු එකීයය. අසමසමවූ ඔහුට පාලන බලතල හිමිවන්නේය. ප‍්‍රසංශා සියල්ල ඔහුටමය. සෑම දෙයක් කෙරෙහිම ඔහුගේ ශක්තිය බලපවන්නේය. අල්ලාහ්ගෙන් හැර කිසිම ශක්තියක් හෝ බලයක් නොමැත. ඔහු හැර වෙන කිසිවෙකුට අපි නැමදුම් නොකරන්නෙමු. සියලූ දායාදයන් ඔහු සතුය. ශ්‍රේෂ්ඨත්වයද උතුම්වූ උපහාරයද ඔහුටම හිමිය. නැමදුමට සුදුස්සා ඔහු හැර වෙන කිසිවෙක් හෝ කිසිවක් නොමැත. සියලූ නැමදුම් අවංකව ඔහු වෙනුවෙන් පමණක් ඉටු කරමු. ප‍්‍රතික්ෂේප කරන්නවුන් ඒ පිළිබඳව විරුද්ධවූවත් ඉන් කමක් නැත. (මුස්ලිම්)

4

සුබ්හානල්ලාහ්, අල් හම්දු ලිල්ලාහ්, අල්ලාහු අක්බර්. තේරුමඃ අල්ලාහ් සුවි ශුද්ධවූය. අල්ලාහ් ප‍්‍රශංසාවන්ට හිමිකරුවූය, අල්ලාහ් ශ්‍රේෂ්ඨය (එකිනෙක 33 වරක් බැගින් කිව යුතුය) පසුව. ලා ඉලාහ ඉල්ලල්ලාහු වහ්දහූ ලා ෂරීකලහූ ලහුල් මුල්කු වලහුල් හම්දු වහුව අලා කුල්ලි ෂෙයිඉන් කදීර්. තේරුම: නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙන කිසිවෙක් හෝ කිසිවක් නොමැත. ඔහු එකීයය අසමසමවූ ඔහුටය පාලන බලතල හිමිය. ප‍්‍රසංශා සියල්ල ඔහුටය. සෑම දෙයක් කෙරෙහිම ඔහුගේ ශක්තිය බලපවත්වන්නේය. (මුස්ලිම්)

5

බිස්මිල්ලාහිර් රහ්මානිර් රහීම්. කුල්හුවල්ලාහු අහද්. අල්ලාහුස් සමද්. ලම්යලිද් වලම් යූලද්. වලම් යකුල් ලහූ කුෆුවන් අහද්. තේරුමඃ මහා කාරුණිකවූද පරම දයාබරවූද අල්ලාහ්ගේ නාමයෙන්. (ඕ මුහම්මද්,) පවසනු, ඔහු අල්ලාහ් එක්කෙනෙකි. කිසිදෙයක් ඔහුට අවශ්‍ය නැත. සියල්ලන්ටම ඔහුගේ කරුණාව අවශ්‍යය. ඔහුව වදනු ලැබුවේද නැත. ඔහු වැදුවේද නැත. ඔහුට සමාන කිසිවකුද නැත. බිස්මිල්ලාහිර් රහ්මානිර් රහීම්. කුල් අඌදු බිරබ්බිල් ෆලක්. මින් ෂර්රි මා හලක්. වමින් ෂර්රි ගාසිකින් ඉදා වකබ්. වමින්ෂර්රි නෆ්ෆාසාති ෆිල් උකද්. වමින් ෂර්රි හාසිදින් ඉසා හසද්. තේරුම: අපරමිත දයාන්විත අසමසම කරුණාන්විත අල්ලාහ්ගේ නාමයෙන්. (ඕ මුහම්මද්) පවසනු, මවන ලැබූ දෑහී හානියෙන්ද රාත‍්‍රියේ අඳුර පැතිරී යන විට ඇතිවන කළුවරෙහි හානියෙන්ද ගැටවල මතුරා පිඹින ස්ත‍්‍රීන්ගෙන් සිදුවන හානියෙන්ද ඊර්ෂිය්‍යා කරන අය ඊර්ෂිය්‍යා කරනවිට සිදුවන හානියෙන්ද අරුණෝදයේ පරමාධිපතියාණන්ගේ ආරක්ෂාව පතමි. බිස්මිල්ලා හිර් රහ්මානිර් රහීම්. කුල් අඌදු බිරබ්බින් නාස්. මලිකින්නාස්. ඉලා හින්නාස් මින්. ෂර්රිල් වස්වාස් අල්හන්නාස්. අල්ලදී යුවස්විසු ෆී සුදූරින්නාස්. මිනල් ජින්නති වන්නාස්. තේරුම: අපරමිත දයාන්විත අසමසම කරුණාන්විත අල්ලාහ්ගේ නාමයෙන්. (ඕ මුහම්මද්) පවසනු, පසුපසින් සැගවී සිට (සිත්වල) සැකයක් ඇතිකරවන ෂෙයිතාන්ගේ හානියෙන්. මිනිසුන්ගේ පරමාධිපතිවූද මිනිසුන්ගේ රජුවූද (අල්ලාගේ) ආරක්ෂාව අයැද සිටිමි. ඔහු (ෂෙයිතාන්) මිනිසුන්ගේ සිත්තුල බොරු සැක ඇති කරවන්නේය. මෙවැන්නන් මිනිසුන් අතරේත්, ජින් (වර්ගයා) අතරේත් සිටින්නෝය. (මේ සූරාවන් තුනම සෑම සලාතයක් අවසානයේ පාරායනය කරගත යුතුයි.) (අබූ දාවූද්, නසාඊ, තිර්මිදි)

6

අල්ලාහු ලාඉලාහ ඉල්ලාහුවල් හයියුල් කයියූම් ලා තඋහුදුහු සිනතුන් වලා නව්ම්, ලහූ මා ෆිස්සමාවාති වමා ෆිල්-අර්ලි මන් දල්ලදී යෂ්ෆඋ ඉන්දහු ඉල්ලා බි ඉද්නිහි, යඃලමු මා බයින අයිදීහිම් වමා කල්ෆහුම්, වලා යුහීතූන බි ෂෙයිඉන් මින් ඉල්මිහි, ඉල්ලා බිමාෂාඅ, වසිඅ කුර්ෂියියුහුස් සමාවාති වල්-අර්ළ වලා යඌදුහු හිෆ්ලූහුමා වහුවල් අලියියුල් අලීම්. තේරුමඃ ජීවමාන හා අමරණීයවූ අල්ලාහ් හැර වෙනත් දෙවියකු නැත. නිදිබර ගතියක් හෝ නින්දක් හෝ ඔහුට නැත. අහස්වල හා පොළොවේ ඇති සියල්ල ඔහු සතුය. ඔහුගේ අනුමැතිය නොමැතිව කිසිවකුවත් තවකෙනෙකු වෙනුවෙන් ඉදිරිපත් විය නොහැක. ඔවුන්ට ඉදිරිපසින්ද පසුපසින්ද ඇති සියල්ල ඔහු හොඳින් දනී. ඔහුගේ කැමැත්තක් නොමැතිව ඔහු දන්නා කිසිවක් ගැන වෙන කිසිවෙකු විසින් දැනගත නොහැක. ඔහුගේ “කුර්ෂිය“ අහස් හා පොළොව පුරා විශාලව පවතී. ඒ දෙක පාලනය කිරීම (අහස් හා පොළොව) ඔහුට සුළු දෙයකි. ඔහු ශ්‍රේෂ්ඨය. අභිමානවත්ය. (සෑම සලාතයක් අවසානයේ මෙය කියවිය යුතුයි) සටහන: යමෙක් මෙය සෑම සලාතයක් අවසානයේම නොවරදවා කියවයිනම් ඔහුගේ මරණය හැර වෙන කිසිවක් ඔහු ස්වර්ගයට යාම වළක්වාලීමට සමත් නොවන්නේයැයි නබි (සල්) තුමාණෝ ප‍්‍රකාශ කළහ. (නසාඊ)

7

ලා ඉලාහ ඉල්ලල්ලාහු වහ්දහූ ලා ෂරීකලහූ, ලහුල් මුල්කු වලහුල් හම්දු, යුහ්යී වයුමීතු වහුව අලා කුල්ලි ෂයිඉන් කදීර්. යනුවෙන් ෆජර් හා මග්රිබ් සලාත දෙක අවසානයේ දසවරක් කිවය යුතුය. තේරුම: නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙන කිසිවෙක් හෝ කිසිවක් නොමැත. ඔහු එකීයය. අසමසමවූ ඔහුට පාලන බලතල හිමිවන්නේය. ප‍්‍රසංශා සියල්ල ඔහුටය. ඔහු ජීවත් කරවන්නේය, තවද මරණයට පත් කරන්නේය. සෑම දෙයක් කෙරෙහිම ඔහුගේ ශක්තිය බලපවත්වන්නේය. 73. ෆජ්රු (සුබ්හු) සලාතය අවසානයේ සලාම් කීමෙන් අනතුරුව

8

අල්ලාහුම්ම ඉන්නී අස්අලූක ඉල්මන් නාෆිඅන් වරිස්කන් තයියිබන් වඅමලන් මුත කබ්බලන්. තේරුම: යා අල්ලාහ් ප‍්‍රයෝජනවත් අධ්‍යාපනයද පිරිසිදු (පාපයෙන් තොර) ආහාරද පිළිගනු ලබන ක‍්‍රියාවන්ද මම ඔබෙන් පතමි.

Zaker copied