අවසාන අත්තහය්යාත් හා සලාම් (ආචාර) කරන්න පෙර ප‍්‍රාර්ථනාව

1

අල්ලාහුම්ම ඉන්නී අඌදුබික මින් අදාබි ජහන්නම වමින් අදාබිල් කබ්රි වමින් ෆිත්නතල් මහ්යාය වමමාති වමන් ෂර්රි ෆිත්නතිල් මසීහද් දජ්ජාල් තේරුම: යා අල්ලාහ් කබ්රයේ වේදනාවන්ගෙන්ද අපායේ වේදනාවන් ගෙන්ද ජීවිතයේ හා මරණයේදී ඇතිවන කලබලකාරි ස්වභාවයෙන්ද මසීහිද් දජ්ජාල්ගේ අවුල් (රැවටිලි) වලින්ද නියතවශයෙන්ම මම ඔබෙන් ආරක්ෂාව පතමි. (බුහාරි, මුස්ලිම්)

2

අල්ලාහුම්ම ඉන්නී අඌදු බික මින් අදාබිල් කබ්රි ව අඌදුබික මින් ෆිත්නතිල් මසීහිද් දජ්ජාල් වඅඌදුබික මින් ෆිත්නතිල් මහ්යා වල්මමාති අල්ලාහුම්ම ඉන්නී අඌදුබික මිනල් මඃසමි වල්මග්රමි තේරුම: සත්‍යවශයෙන්ම කබ්රයේ වේදනාවන්ගෙන් ඔබේ ආරක්ෂාව පතමි. මසීහුද් දජ්ජාල්ගේ කරදර වලින්ද ආරක්ෂාව ඔබෙන් පතමි. ජීවතුන් අතර සිටියදීත් මරණයෙන් පසුව ඇතිවිය හැකි අවුල් සහගත ස්වභාවයෙන්ද ඔබෙන් ආරක්ෂාව පතමි. යා අල්ලාහ් පාපයෙන් හා ණයබරින් මාව ආරක්ෂා කරත්වා. (බුහාරි, මුස්ලිම්)

3

අල්ලාහුම්ම ඉන්නී ළලම්තු නෆ්සී ලූල්මන් කසීරන් වලා යඃෆිරුස්දුනූබ ඉල්ලා අන්ත ෆඃෆිර්ලි මඃෆිරතන් මින් ඉන්දික වර්හම්නී ඉන්නක අන්තල් ගෆූරුර් රහීම්. තේරුම: යා අල්ලාහ්, සත්‍යවශයෙන්ම මා විසින් මටම අප‍්‍රමාණ විපතක් කරගත්තේමි. පව් සමාකිරීම ඔබ හැර වෙන කිසිවෙක් නොකරන්නේය. එහෙයින් ඔබ මගේ පවි සමාකරනු මැන. මට මෛත‍්‍රිය පෙන්වනු මැන. සත්‍යවශයෙන්ම. ඔබ කමාකරන්නන්ගෙන් ශ්‍රේෂ්ඨවන්තයාය. ඔබ මහා කාරුණිකයාය. (බුහාරි, මුස්ලිම්)

4

අල්ලාහුම්මග්ෆිර්ලි මා කද්දම්තු වමා අහ්හර්තු වමා අස්රර්තු වමා අ‘අලන්තු වමා අස්රෆ්තු අන්ත අ‘අලමු බිහී මින්නී අන්තල් මුකද්දිමු වඅන්තල් මුඅහ්හිරු ලා ඉලාහ ඉල්ලා අන්ත. තේරුම: යා අල්ලාහ් මා විසින් පෙර කළාවූද, පසුව කළාවූද, රහසිගතව හා ප‍්‍රසිද්ධියේ කළාවූද, මා නාස්ති කළාවූද, මට වඩා ඔබ හොදින් (මාගේ පාපයන් ගැන) දන්නාවූද යන සියලූ පාපයන් මා වෙනුවෙන් ක්‍ෂමා කරනු මැනව. යහපත් දේ කෙරෙහි යොමුකරන්නේද අයහපත් දෙයින් වළක්වා ලන්නේද ඔබය. නැමදුමට සුදුස්සා ඔබ හැර වෙන කිසිවෙක් කිසිවක් නොමැත. (මුස්ලිම්)

5

අල්ලාහුම්ම අඉන්නී අලා දික්රික වශුක්රික වහුස්නි ඉබාදතික. තේරුම: යා අල්ලාහ් ඔබ සිහිපත්කරන්නටද ඔබට ස්තූතිකරන්නටද ඔබගේ වතාවත්වල යෙදෙන්නටද මට උදව් කරනු මැන. (අබූ දාවූද්, නසාඊ)

6

අල්ලාහුම්ම ඉන්නී අඌබික මිනල් බුහ්ලි වඅඌදුබික මිනල් ජුබ්නි වඅඌදුබික මින් අන් උරද්ද ඉලා අර්දලිල් උම්රි වඅඌදුබික මින් ෆිත්නතිත් දුන්යා වඅදාබිල් කබ්රි. තේරුම: යා අල්ලාහ් නියතවශයෙන්ම මා මසුරුකමින් ආරක්ෂා කරත්වා. නිවටභාවයෙන්ද දුබල මහළු වයසට පත්වීමෙන්ද මාව ආරක්ෂා කරත්වා. මෙලොව ඇතිවිය හැකි කරදර හා කබ්රයේ (සොහොනේ) වේදනාවන්ගෙන්ද මට ආරක්ෂාව දෙත්වා. (බුහාරි)

7

. අල්ලාහුම්ම ඉන්නී අස්අලූකල් ජන්නත වඅඌදුබික මිනන් නාර්. තේරුමඃ යා අල්ලාහ්, මම ඔබගෙන් ස්වර්ගය අයැදින අතර නිරයෙන් ආරක්ෂාවද පතමි. (අබූ දාවූද්, ඉබ්නු මාජාහ්)

8

අල්ලාහුම්ම බි ඉල්මිකල් ගයිබ වකුද්රතික අලල් හල්කී අහ්යිනී මා අලිම්තල් හයාත් හයිරන් ලී වතවෆ්ෆනී ඉදා අලිම්තල් වෆාත කෛරන් ලී අල්ලාහුම්ම වඅස්අලූක කෂ්යතක ෆිල් ෙගෙබි වෂ්ෂහාදති වඅස් අලූක කලිමතල් හක්කි ෆිර්රිලා වල්ගලබි වඅස්අලූකල් කස්ද ෆිල් ෆක්රි වල් ගිනා වඅස්අලූක නඊමන් ලා යන්ෆදු වඅස්අලූක කුර්රත අයිනින් ලා යන්කතිඋ වඅස්අලූකර් රිළා බඃදල් කළා වඅස්අලූක බර්දල් අයිෂි බඃදල් මව්ති වඅස්අලූක ලද්දතන් නළරි ඉලා වජ්හික වෂ්-ෂව්ක ඉලා ලිකාඉක ෆී ගයිරි ළර්රාඅ මුළිර්රතින් වලා ෆිත්නතින් මුළිල්ලතින් අල්ලාහුම්ම දෙzය්යන්නා බිදීzනතිල් ඊමානි වජ් අල්නා හුදාතන් මුහ්තදීන්’ තේරුමඃ යා අල්ලාහ්, සැඟවුණු සියල්ල කෙරෙහි ඔබ සතු දැනුමෙන්ද ඔබ මැවූ මැවීම් කෙරෙහි සතු ශක්තියෙන්ද මා තවදුරටත් ජීවත්වීම මගේ යහපතට හේතුවෙයිනම් මා ජීවත් කරවනු මැන. මගේ මරණය මට යහපතක් වෙයිනම් මා මරණයට පත්කරනු මැන. යා අල්ලාහ් රහසිගතවද ප‍්‍රසිද්ධියේද ඔබ කෙරෙහි බියබැතියෙන් ජීවත්වීමට සලස්වනු මැන. මා එකඟවන විටත් කෝපවූ විටත් සත්‍යම කතා කිරීමේ හැකියාව ලබා දෙනු මැන. ඇති හැකි අවස්ථාවේදීත් නැතිබැරි අවස්ථාවේදීත් තැන්පත්ව කටයුතු කිරීමේ හැකියාව ලබා දෙනු මැන. මම ඔබෙන් අසීමිත අභිවෘද්ධිය (කරුණාව) පතමි. වෙන් නොවන සිසිලක් මගේ ඇස්වලට ලබා දෙනුමැන. ඔබේ තීන්දුව පිළිගැනීමේ හැකියාවත් මරණයෙන් මතු සැපවත් ජීවිතයත් අයැද සිටිමි. බාධක හා මංමුලාකිරීම්වලින් තොරව ඔබේ මුහුණ දැකීමේ භාග්‍යත් ඔබේ හමුවක් පිළිබඳවූ ආශාවත් මා තුළ ඇති කරනු මැනව. යා අල්ලාහ් අචල විශ්වාසයෙන් (අපගේ ජීවිත) අලංකාර කරනු මැන. සෘජු මග අවබෝධකර ගත්තන් බවට අපව පත් කරවනු මැනව. (නසාඊ, අහ්මද්)

9

අල්ලාහුම්ම ඉන්නී අස්අලූක යා අල්ලාහ් බි අන්නකල් වාහිදුල් අහදුස් සමදුල්ලදී ලම් යලිද් වලම් යූලද් වලම් යකුන් ලහූ කුෆ්වන් අහද් අන්තග්ෆිර්ලී දුනූබි ඉන්නක අන්තල් ගෆූරුර් රහීම්. තේරුම: යා අල්ලාහ් සත්‍ය වශයෙන්ම ඔබමය අල්ලාහ්. නැමදුමට සුදුස්සා ඔබ මිස වෙන කිසිවකු නැත. ඔබ ඒකීයෙකි. ඔහුට කිසිවක් අවශ්‍ය නැත. කිසිවෙක් ඔහුව වැදුවේ (ප‍්‍රසූත කළේ) නැත. ඔහුද කිසිවෙකු වැදුවේ නැත. ඔහුට සමාන කිසිවෙක් නැත. ඒ පිළිබඳව මම සාක්ෂි දරමින් මාගේ පාපයන් සියල්ල මා වෙනුවෙන් ක්‍ෂමා කරන මෙන් ඔබෙන් ආයාචනා කරමි. සත්‍ය වශයෙන්ම ඔබ කමා කරන්නාය. අසීමිත දයාවන්තය. (නසාඊ, අහ්මද්)

10

අල්ලාහුම්ම ඉන්නී අස්අලූක බි අන්න ලකල් හම්ද ලා ඉලාහ ඉල්ලා අන්ත වහ්දක ලා ෂරීකලක අල් මන්නානු යා බදීඅස් සමාවාති. වල් අර්ලි දුල් ජලාලි වල් ඉක්රාම්. යා හය්යු යා කයියූමූ ඉන්නී අස්අලූකල් ජන්නත ව අඌදුබික මිනන්නාර්. තේරුම: යා අල්ලාහ් සත්‍ය වශයෙන්ම පැසසුම් සියල්ල ඔබටම හිමිවන හෙයින් (මෙසේ) ඔබෙන් ඉල්ලමි. නැමදුමට සුදුස්සා ඔබ හැර වෙන කිසිම දෙවියකු නොමැත. ඔබ අසමසමය. අනන්ත අප‍්‍රමාණවූ යහපත ලබා දෙන්නාවූද උපකාරයක් නොමැතිවම අහස් හා පොළොවද මැවුවාවූද ගෞරවය හා අභිමානයෙන් යුක්තවූ අයකි. ජීවමාන වූද අනෙක් සියල්ල පාලනය කරන යන (රඳා පැවතීමට සලස්වන) ඔබෙන් ස්වර්ගය ඉල්ලා සිටින අතර අපායෙන් ආරක්ෂාවද පතමි. (ඉබ්නු මාජා)

11

අල්ලාහුම්ම ඉන්නී අස්අලූක බි අන්නී අෂ්හදු ඉන්නක අන්තල්ලාහු ලා ඉලාහ ඉල්ලා අන්තල් අහදුස් සමදුල්ලදී ලම් යලිද් වලම් යූලද් වලම් යකුන් ලහූ කුෆ්වන් අහද්. තේරුමඃ යා අල්ලාහ් සත්‍ය වශයෙන්ම ඔබමය අල්ලාහ් නැමදුමට සුදුස්සා ඔබ මිස වෙන කිසිවකු නැත. ඔහු ඒකීයය ඔහුට කිසිවක් අවශ්‍ය නැත. කිසිවෙක් ඔහුව වැදුවේ (ප‍්‍රසූත කළේ) නැත. ඔහුද කිසිවෙකුව වැදුවේත් නැත. ඔහුට සමාන කිසිවෙක් නැත. ඒ පිළිබඳව මම සාක්ෂි දරමින් ඔබෙන් ඉල්ලා සිටිමි. (අබූ දාවූද්, තිර්මිදි, ඉබ්නු මාජා)

Zaker copied