අත්තහියියාත්වලින් පසුව නබි තුමාට කිව යුතු ආශිර්වාදය

1

අල්ලාහුම්ම සල්ලි අලා මුහම්මදින් වඅලා ආලි මුහම්මදින් කමා සල්ලයිත අලා ඉබ්රාහීම වඅලා ආලි ඉබ්රාහීම ඉන්නක හමීදුන් මජීද්. අල්ලාහුම්ම බාරික් අලා මුහම්මදින් වඅලා අලි මුහම්මදින් කමා බාරක්ත අලා ඉබ්රාහීම වඅලා ආලි ඉබ්රාහීම ඉන්නක හමිදුන් මජීද්. තේරුමඃ යා අල්ලාහ්! ඉබ්රාහීම් තුමා හා එතුමාගේ පවුලේ අයට ශාන්තිය පහළ කළා සේම මුහම්මද් තුමා හා එතුමාගේ පවුලේ අයටද ශාන්තිය පහළ කරත්වා. යා අල්ලාහ්! ඉබ‍්‍රාහිම් තුමා හා එතුමන්ගේ පවුලේ අයට ආශිර්වාද කළාසේම මුහම්මද් තුමාට හා එතුමාගේ පවුලේ අයටද ආශිර්වාද කරත්වා. සත්‍ය වශයෙන්ම ඔබ ප‍්‍රශංසා ලැබිය යුත්තාය. (ඔබ) කීර්තිමත්ය. (බුහාරි)

2

අල්ලාහුම්ම සල්ලි අලා මුහම්මදින් වඅලා අස්වාජිහි වදුර්රියාතිහි කමා සල්ලයිත අලා ආලි ඉබ්රාහීම වබාරික් අලා මුහම්මදින් වඅලා අස්වාජිහි වදුර්රියාතිහි කමා බාරක්ත අලා ආලි ඉබ්රාහීම ඉන්නක හමීදුන් මජීද්. තේරුම: යා අල්ලාහ් ඉබ්රාහීම් තුමා හා එතුමාගේ පවුලේ අයට ශාන්තිය ලබා දුන්නා සේම මුහම්මද් තුමාණන්ට හා එතුමන්ගේ භාර්යාවන් ඇතුළු පරම්පරාවටද ඔබේ ශාන්තිය ලබා දෙත්වා. ඉබ්රාහීම් තුමා හා පවුලේ අයට ආශිර්වාද කළා සේම මුහම්මද් තුමා හා එතුමාගේ භාර්යාවන්ට හා පරම්පරාවට ආශිර්වාද කරත්වා. සත්‍ය වශයෙන්ම ඔබ කීර්තිමත්ය. ප‍්‍රශංසනීයය. (බුහාරි, මුස්ලිම්)

Zaker copied