අත්තහියියාත් ඉරියව්වේදී කිව යුතු ප‍්‍රාර්ථනාව

1

අත්තහියියාත්තු ලිල්ලාහි වස්සලවාතු වත් තයියිබාතු අස්සලාමු අලෙයික අයියුහන් නබියියු වරහ්මතුල්ලාහි වබරකාතුහු අස්සලාමු අලෙයිනා වඅලා ඉබාදිල්ලාහිස් සාලිහීන්. අෂුහදු අන්ලා ඉලාහ ඉල්ලල්ලාහු වඅෂ්හදු අන්න මුහම්මදන් අබ්දුහු වරසූලූහු. තෙරුම: පැතුමද කරුණාවද, යහපතද, අල්ලාහ්ටම හිමිය. නබිතුමනි, අල්ලාහ්ගේ ශාන්තිය කරුණාව හා අභිවෘද්ධිය ඔබට හිමිවේවා. අපට හා අල්ලාහ්ගේ සැදැහැමි ගැත්තන් සියලූ දෙනාටද අල්ලාහ්ගේ ශාන්තිය අත්වේවා. නමැදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙන දෙවියකු නොමැති බවට මම සාක්ෂි දරමි. සත්‍ය වශයෙන්ම මුහම්මද්(සල්) තුමාණෝ ඔහුගේ ගැත්තාද ඔහුගේ දූතයාණන්ද වන බවට මම සාක්ෂි දරමි. (බුහාරි, මුස්ලිම්)

Zaker copied