සජදාවෙහි කිවයුතු ඒවා කිවීමෙන් පසු කිව යුතු ප‍්‍රාර්ථනාව

1

සජද වජ්හිය ලිල්ලදී කලකහු වෂක්ක සම්අහු වබසරහු බිහව්ලිහී වකූව්වතිහි තබාරකල්ලාහු අහ්සනුල් කාලිකීන්. තේරුමඃ මගේ මුහුණ, එය මවා එහි ඇස් කන් හා එයට අවශ්‍ය සිදුරු ඔහුගේ ශක්තියෙන් හා බලයෙන් ලබා දුන් ඔහු වෙනුවෙන් හිස නමා නැමදුම් කරමි. උසස්වූ මැවුම්කරුවාණන් වන අල්ලාහ් අති ශ්‍රේෂ්ඨය. (තිර්මිදි, අහ්මද්)

2

අල්ලාහුම්මක්තුබ් ලී බිහා ඉන්දක අජ්රන් වළඃඅන්නී බිහා විද්රන් වජ්අල්හා ලී ඉන්දක දුහ්රන් වතකබ්බල්හා මින්නී කමා තකබ්බල්තහා මින් අබ්දික දාවූදු. තේරුමඃ යා අල්ලාහ් මේ (සජදා) වෙනුවෙන් මට පින් ලබා දෙනු මැනව. ඒ හේතුවෙන් මගේ පාපයන් නැතිකර දමනු මැනව. ඒවා ඔබ ලඟ තැන්පත් කර තබනු මැන. ඔබේ ගැත්තාවූ දාවූද් තුමාගෙන් එය පිළිගත්තා මෙන් මගෙන්ද එය පිළිගනු මැනව. (තිර්මිදි)

Zaker copied