සජදාවෙහි කිව යුතු ප‍්‍රාර්ථනාව

1

සුබ්හාන රබ්බියල් අඃලා (තුන්වරක්) තේරුම: උසස්වූ මගේ පරමාධිපති සුවිශුද්ධය (අහ්මද්, තිර්මිදි)

2

සුබ්හානකල්ලාහුම්ම රබ්බනා වබිහම්දික අල්ලාහුම්මඃෆිර්ලි තේරුමඃ අපගේ පරමාධිපතියාණන්වූ යා අල්ලාහ් ඔබේ ප‍්‍රශංසාව මත ඔබව සුවිශුද්ධ කරමි. යා අල්ලාහ් මගේ පව් සමාකරනු මැන. (බුහාරි, මුස්ලිම්)

3

සුබ්බූහුන්, කුද්දූසුන් රබ්බුල් මලාඉකති වර්රූහ්. තේරුමඃ (අත්‍යවශ්‍ය) ගතිගුණවලින් පිරිසිදුවූද අනවශ්‍ය පැවතුම්වලින් (කිළිටි නොවූ) පිරිසිදුවූද ඔබ ජිබ්රීල් ඇතුළු අනෙකුත් දේව දූතයින්ගේ රක්‍ෂිතයාණන්ය. (මුස්ලිම්)

4

අල්ලාහුම්ම ලක සජද්තු වබික ආමන්තු වලක අස්ලම්තු සජද වජ්හිය ලිල්ලදී හලකහු වසව්වරහු වෂක්ක සම්අහු වබසරහු තබාරකල්ලාහු අහ්සනුල් කාලිකීන්. තේරුමඃ යා අල්ලාහ් ඔබ වෙනුවෙන්ම මම සුජූද් කළෙමි. ඔබව විශ්වාස කළෙමි. තවද ඔබට මම අවනතවූයෙමි. මගේ මුහුණ එය මවා එයට රුවක් (රූපයක්) ලබාදී එහි ඇස් කණ් හා ඒවාට අවශ්‍ය සිදුරුද ලබා දුන් ඔහු වෙනුවෙන් හිස පහත්කර නැමදුම් කළෙමි. අති ශ්‍රේෂ්ඨවූ අල්ලාහ් ශ්‍රේෂ්ඨවූ මැවුම්කරුවෙකි. (මුස්ලිම්)

5

සුබ්හාන දිල් ජබරූති වල් මලකූති වල් කිබ්රියාඉ වල් අළමති. තේරුම: මර්ධනය බලතල පාලනය, ආඩම්බරය, ශ්‍රේෂ්ඨත්වය යනාදියට හිමිකරුවාවූ ඔහු සුවිශුද්ධය. (අබූ දාවූද්, අහ්මද්, නසාඊ)

6

අල්ලාහුම්මඃෆිර්ලී දන්බි කුල්ලහූ දික්කහූ. වජිල්ලහූ. වඅව්වලහූ වආහිරහූ වඅලා නිය්යතහූ වසිර්රහූ. තේරුමඃ යා අල්ලාහ් සුළුවූද මහත්වූද ආරම්භයේද, අවසානයේද, ප‍්‍රසිද්ධියේද, රහසිගතවද කළ සියලූ පාපයන් සමා කර දෙනු මැන.

7

අල්ලාහුම්ම අඌදු බිරිධාක මින් සකතික වබිමුආෆාතික. මින් උකූබතික වඅඌදුබික මින්ක ලා උහ්සි සනාඅන් අලෙයික. අන්ත කමා අස්නෛත අලා නෆ්සික. තේරුම: යා අල්ලාහ් ඔබේ පිළිගැනීම තුළින් ඔබේ කෝපයෙන්ද ඔබේ සමාව තුළින් ඔබේ දඬුවමින්ද සත්‍යවශයෙන්ම මා ආරක්ෂාව පතමි. තවද ඔබ ගැනම (සිතා) ඔබෙන් ආරක්ෂාව පතමි. ඔබට ප‍්‍රමාණවත් පරිදි ප‍්‍රශංසා කිරීමට මා ශක්තිමත් නැත. ඔබ විසින් ඔබව ප‍්‍රශංසා කළ අයුරින්ම ඔබවන්නේය. (මුස්ලිම්)

Zaker copied