රුකුඋ ඉරියව්වෙන් නැගිටින විට කිව යුතු ප‍්‍රාර්ථනාව

1

සමිඅල්ලාහු ලිමන් හමීදහූ තේරුමඃ අල්ලාහ් ප‍්‍රශංසා කළ අයගේ ප‍්‍රශංසාවට සවන් දුන්නේය. (බුහාරි)

2

රබ්බනා වලකල් හම්දු හම්දන් කසීරන් තයියිබන් මුබාරකන් ෆීහි. තේරුමඃ අපගේ පරමාධිපතියාණනි! සියලූ ප‍්‍රසංශා ඔබටමය. ඔබට අභිවෘද්ධිමත් පවිත‍්‍රවූත් අධික ප‍්‍රශංසාවන් හිමි වේවා. (බුහාරි)

3

රබ්බනා ලකල්- හම්දු මිල් උස්සමාවාති වල් අර්ළි වමිල්උ මා ෂිඃත මින් ෂෙයිඉන් බඃදු අහලස් සනාඉ, වල්මජ්දි අහක්කු මා කාලල් අබ්දු වකුල්ලූනා ලක අබ්දුන්. අල්ලාහුම්ම ලා මානිඅ ලිමා අඃතයිත වලා මුඃතිය ලිමා මනඃත වලා යන්ෆඋ දල් ජද්දි මින්කල් ජද්දු . තේරුමඃ අහස් හා පොළොව ඒ දෙක අතර තිබෙන දෑහි ඔබගේ කැමැත්ත ඇති සියලූ දෑහිද සියලූම ප‍්‍රශංසා ඔබ සතුය. කීර්තිය හා ප‍්‍රශංසාවන්ට සුදුස්සා ඔබය. අප සැවොම ඔබේ ගැත්තන්ය. අපෙන් පිදුම් ලබන්නා ඔබය. යා අල්ලාහ්, ඔබ විසින් දෙනදේ වළකා ලීමට කිසිවෙකුටත් හැකියාවක් නැත. ඔබ වැළකූ දේ දීමටද කිසිවෙකුටත් හැකියාවක් නැත. ඔබ තීරණයක් ගත්තේ නම් කිසිවෙකුට එය වෙනස් කළද නොහැක. ඔබ ලබාදෙන දඬුවම්වලින් මිදීමට පොහොසතුන්ගේ ධනය ප‍්‍රයෝජනවත් නොවන්නේය. (මුස්ලිම්)

Zaker copied