රුකූඋ කිරීමේදී කිව යුතු ප‍්‍රාර්ථනාව

1

. සුබ්හාන රබ්බියල් අලිම්. තුන් රක් තේරුමඃ ශ්‍රේෂ්ඨවූ මගේ පරමාධිපතියා සුවි ශුද්ධය. (තිර්මිදි)

2

සුබ්හානකල්ලා හුම්ම රබ්බනා වබිහම්දික අල්ලාහුම්මඃෆිර්ලී. තේරුමඃ අපගේ පරමාධිපතියාණනි ඔබගේ ප‍්‍රශංසාව තුළින් ඔබව සුවි ශුද්ධ කරමි. යා අල්ලාහ් මාගේ පව් ක්‍ෂමා කරනු මැන.

3

සුබ්බූහුන්, කුද්දූසුන් රබ්බුල් මලාඉකති වර්රූහ්. තේරුමඃ (අත්‍යවශ්‍ය) ගතිගුණවලින් පිරිසිදුවූද අනවශ්‍ය පැවතුම්වලින් (කිළිටි නොවූ) පිරිසිදුවූද ඔබ, ජිබ්රීල් ඇතුළු අනෙකුත් දේව දූතයින්ගේ රක්‍ෂිතයාණන්ය. (මුස්ලිම්, අබූ දාවූද්)

4

අල්ලාහුම්ම ලක රකඃතු වබික ආමන්තු වලක අස්ලම්තු හෂඋ ලක සම්ඉ වබසරී වමුහ්හී වඅළ්මී වඅසබී වමස්තකල්ලත් බිහී කදමී. තේරුමඃ යා අල්ලාහ් ඔබ වෙනුවෙන් රුකූඋ කළෙමි. ඔබව විශ්වාස කළෙමි. ඔබට මම අවනත වූවෙමි. මගේ සවන, බැල්ම, මගේ මොලය, මගේ අස්ථි (ඇටකටු) මගේ නහර මගේ පාද දෙක මත රඳවා ඇති මගේ ශරීරයද ඔබ වෙනුවෙන් යටහත් පහත් වේ. (මුස්ලිම්, නසාඉ, තිර්මිදි, අබූ දාවූද්)

5

සුබ්හාන දිල් ජබරූති වල් මලකූති වල් කිබ්රියාඉ වල් අළමති. තේරුමඃ මර්ධනය බලතල පාලනය, ආඩම්බරය. ශ්‍රේෂ්ඨත්වය යනාදියට හිමිකරුවාවූ ඔහු සුවිශුද්ධය. (අබූ දාවූද්, අහ්මද්, නසාඊ)

Zaker copied