බාංගු (අසාන්) අසන විට කිව යුතු ප‍්‍රාර්ථනාව

1

කැඳවුම්කරු (අදාන් පවසන්නා) ප‍්‍රකාශ කරන අයුරින්ම සවන්දෙන තැනැත්තාද ප‍්‍රකාශ කළ යුතුය. එහෙත් හයියඅලස් සලාත්, හයියඅලල් ෆලාහ් යන පද ඇසෙන විට ලා හව්ල වලා කුව්වත ඉල්ලාහ් බිල්ලාහි (තවද අල්ලාහ් හැර වෙනත් කිසිදු ශක්තියක් හෝ හැකියාවක් නැත.) යනුවෙන් ප‍්‍රකාශ කළ යුතුයි. (බුහාරි මුස්ලිම්)

2

කැදවුම් කරු අෂ්හදු අන් ලා ඉලාහ ඉල්ලල්ලාහු, අෂ්හදු අන්න මුහම්මදන් රසූලූල්ලාහි යනුවෙන් කියන විට අසන්නා ‘වඅන අෂ්හදු අන් ලාඉලාහ ඉල්ලල්ලාහු වහ්දහු ලාෂරීකලහු වඅන්න මුහම්මදන් අබ්දුහු වරසූලූහු රලීතු බිල්ලාහි රබ්බන් වබි මුහම්මදන් රසූලන් වබිල් ඉස්ලාමි දීනා.‘ යැයි කිව යුතුයි. තේරුමඃ නියතවශයෙන්ම නැමැදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙන කිසිවෙක් නැත. ඔහු ඒකීයය. ඔහුට සමාන කිසිවකු නැත. තවද නියතවශයෙන්ම මුහම්මද්(සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) ඔහුගේ ගැත්තාද දූතයාද වන බව මාද සාක්ෂි දරමි. අල්ලාහ් පරමාධිපතියාණන් ලෙසත් මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් දූතයාණන් ලෙසත් ඉස්ලාමය මගේ ආගම ලෙසත් පිළිගනිමි. (මුස්ලිම්)

3

අල්ලාහුම්ම රබ්බ හාදිහිද් දඃවතිත් තාම්මා වස්සලාතිල් කාඉමා ආති මුහම්මදන් අල් වසීලත වල් ෆළීලා. වබ්අස්හු මකාමන් මහ්මූදනිල්ලදී වඅද්තහ් (ඉන්නකලා තුක්ලිෆුල් මීආද්). තේරුම : සම්පූර්ණවූ මේ කැඳවුම හා ස්ථාවරවූ සලාතයේ පරමාධිපති යාණනි. මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ට (ඔබගේ) උපකාරය හා ශ්‍රේෂ්ඨත්වය ලබා දෙනු මැන. ඔබ පොරොන්දුවූ මකාමන් මහුමූදාවෙහි (උතුම්වූ ස්ථනායෙ)හි එතුමාණන් අවදිකරනු මැන. (බුහාරි)

4

අදාන් - ඉකාමත් (සලාතයයේ කැඳවුම හා සලාතයට පෙළගැස්වීම) අතර තමන් වෙනුවෙන් ප‍්‍රාර්ථනා කර ගැනීම යහපත් වන්නේය. “මෙම කාලය තුළ අයදින ප‍්‍රාර්ථනා දෙවියන්ගේ පිළිගැනීමට සුදුසු මොහොතක් වන්නේය.“ (තිර්මිදි)

5

මුඅද්දින්ගේ කැඳවුමට පිළිතුරු දීමෙන් පසුව නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාට සලවාත් පැවසිය යුතුය. (මුස්ලිම්)

Zaker copied