කුසල් හා සාරධර්ම

1

රාත‍්‍රිය ආරම්භයේ හෝ හිරු බසින අවස්ථාවේ ඔබගේ ළමුන් (නිවෙස්වල) රඳවාගන්න. නියතවශයෙන් ෂෙයිතනුන් එම අවස්ථාවන්හි සැරිසරති. මද වේලාවක් ගතවූ පසු ඔවුන් අතහරින්න. අල්ලාහ්ගේ නාමය පවසමින් දොරටු වසා දමන්න. නියතවශයෙන් ෂෙයිනාත් වසා ඇති දොරටු විවෘත නොකරයි. නුඹලාගේ බඳුන්වල කට බැඳ තබන්න. තවද කිසියම් වස්තුවක ආධාරයකින් හෝ බඳුන් වසා තබන්න. අල්ලාහ්ගේ නාමයද පවසන්න. තවද නුඹලාගේ පහන් නිමා දමන්න. මුල් කතෘගේ පණිවිඩය. සියලූ ප‍්‍රසංශා දෙවියන්ටම හිමිවේවා. ඔහුගෙන්ම අප උදව් උපකාර පතන අතර අපේ පාපක්‍ෂමාවද ඔහුගෙන්ම ඉල්ලා සිටිමු. අපේ සිතුවිලි තුලින් හා ක‍්‍රියාවන් ගෙන් වැරුද්දක් නොවීමට ඔහුගේ ආරක්ෂාව පතමු. ඔහු (අල්ලාහ්) යමෙකුට හරිමග පෙන්වන විට එය වළක්වාලීමට සමත් කිසිවෙක් නොමැත. ඒ වගේම දෙවියන් යමෙකුට හරිමග නොපෙන්වූ විට, ඒ වෙනුවට හරිමග පෙන්වීමද කිසිවෙකුට කළ නොහැක. ඔහු අසම සම ඒකකුයෙකු බවට මම සාක්ෂි දරමි. මුහම්මද් (සල්) තුමන් ඔහුගේ ගැත්තෙකු හා දූතයාණන් බවත් තරයේ ප‍්‍රකාශ කරමි. එතුමන්ටද එතුමාගේ පවුලේ අයට, මිතුරන්ට හා ලෝක විනාශය දක්වා එතුමාගේ අඩිපාරේ ගමන් කරන අනුගාමිකයන්ටද අල්ලාහ්ගේ කරුණාව හා ශාන්තිය හිමිවේවා. සිහිපත් කිරීමව, ප‍්‍රාර්ථනා කිරීම අල්ලාහ්ගේ ධර්මයෙන් හා ඔහුගේ දූතයාණන්ගේ චර්යා මඟ පෙන්වීමෙන් ප‍්‍රතිකාර කිරීම යනුවෙන් මා විසින් ලියන ලද පොතේ සාරාංශයක් වශයෙන් මෙම පොත ඉදිරිපත් කරමි. ගමන් බිමන්වලදී ගෙන යා හැකි ඉතා කෙටියෙන් කරුණු ඉදිරිපත් කර හුරුබුහුටිව සකස්කර ඇත්තෙමි. සමහර ඒවායේ කෙටි සටහන් අනුව වැඩි් විස්තර අවශ්‍ය නම් අදාල පොත් පත් හා නබිතුමාගේ අනුගාමිකයින්ගේ චරිතයන් ඇසුරෙන් වැඩි විස්තර දැනගන්න. ශ්‍රේෂ්ඨවූත් අති උත්තමවූත් අල්ලාහ් වෙනුවෙන් මා ඉටු කළ මේ ක‍්‍රියාව මා ජීවත්ව සිටියදීත් පරලොවදීත් මට හොඳ ප‍්‍රතිඵල ලබා දෙනමෙන් ඇයද සිටිමි. තවද මෙම පොත මෘද්‍රණය කිරීමටත් ප‍්‍රචාරය කිරීමටත් අතිශ්‍රේෂ්ඨ අල්ලාහ් අනුග‍්‍රහය දක්වනු මැනවි. නබි තුමාට හා පවුලේ අයටත් ලෝක විනාශය දක්වා එතුමාගේ අඩිපාරේ ගමන් කරන අනුගාමිකයින්ටත් දෙවියන්ගේ ආශිර්වාධය හා ශාන්තිය හිමිවේවා.

Zaker copied