තස්බීහ් (සුබ්හානල්ලාහ් - අල්ලාහ් සුවිශුද්ධය) තහ්මීද් (අල්හම්දු ලිල්ලාහ් -සියලූ ප‍්‍රශංසා අල්ලාහ්ටය) තහ්ලීල් (ලාඉලාහ ඉල්ලල්ලාහු - නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවියකු නැත) තක්බීර් (අල්ලාහු අක්බර් - අල්ලාහ් අති ශ්‍රේෂ්ඨය) යන මේවායේ මහිමය

1

කවරෙකු ِ සුබ්හානල්ලාහි වබිහම්දිහි (අල්ලාහ් සුවිශුද්ධය ඔහුගේ ප‍්‍රශංසාව තුළින්) යනුවෙන් දිනකට සියවාරයක් පවසන්නේද ඔහුගේ පව් මුහුදු පෙන තරමට තිබුණත් කමා කරනු ලැබෙයි යනුවෙන් අල්ලාහ්ගේ දූතයාණෝ ප‍්‍රකාශ කළහ. (බුහාරි, මුස්ලිම්)

2

ලා ඉලාහ ඉල්ලල්ලාහු වහ්දහු ලා ෂරීක ලහූ ලහුල් මුල්කු වලහුල් හම්දු වහුව අලා කුල්ලි ෂෙයිඉන් කදීර්. තේරුම: නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙන කිසිවෙක් (හෝ කිසිවක්) නොමැත. ඔහු එකීයය. අසමසමවූ ඔහුට පාලන බලතල හිමිය. ප‍්‍රසංශා සියල්ල ඔහුටය. සෑම දෙයක් කෙරෙහිම ඔහුගේ ශක්තිය බලපවත්නේය. සටහන: කවරෙකු මෙලෙස දස වාරයක් පවසන්නේද ඔහු ඉස්මායිල්ගේ පරපුරෙන් ආත්ම 4ක් වහල්බවෙන් නිදහස්කළ පුද්ගලයකු බවට පත් වන්නේය. (බුහාරි)

3

රහ්මාන් (අපරමිත දයාන්විතයාණන්)ට වඩාත් ප‍්‍රිය වූද මිණුම් දණ්ඬේ (තරාදියේ) බරින් වැඩිවූද දිවට ඉතා පහසුවූද වචන දෙකක් ඇත. එනම් සුබ්හානල්ලාහි වබිහම්දිහි සුබ්හානල්ලාහිල් අලීම් තේරුම: අල්ලාහ්ව ඔහුගේ ප‍්‍රශංසාව තුළින් සුවිශුද්ධ කරමි. මහත්වූ අල්ලාහ්ව සුවිශුද්ධ කරමි.

4

හිරු උදාවන දෑට වඩා සුබ්හානල්ලාහි වල්හම්දුලිල්ලාහි වලා ඉලාහ ඉල්ලල්ලාහු වල්ලාහු අක්බර් යැයි පැවසීම මට ඉතා ප‍්‍රිය ජනකයැයි අල්ලාහ්ගේ දූතයාණෝ ප‍්‍රකාශ කළහ. (මුස්ලිම්)

5

සෑම දිනකම පිං දහසක් උපයාගැනීමට නුඹලාගෙන් කවරෙකුට නොහැකි වේද? යැයි නබිතුමාණෝ ප‍්‍රශ්ණ කළහ. එවිට එම සභාවේ සිටි අයකු අප අතරින් කවරෙකු කෙසේ දහසක් පිං රුස් කළ හැක්කේද යැයි විමසා සිටියේය’ එවිට එතුමාණෝ යමෙකු සිය වාරයක් තස්බීහ් (සුබ්හානල්ලාහ්) යැයි පවසන්නේ නම් ඔහුට දහසක් පිං හිමිවනු ඇත. එසේ නැත්නම් දහසක් පව් ඔහුගෙන් ඉවත්වනු ඇතැයි නබිතුමාණෝ පැවසූහ. (මුස්ලිම්)

6

යමෙකු සුබ්හානල්ලාහිල් අලීම් වබිහම්දිහි යනුවෙන් පවසයි නම් ඔහු වෙනුවෙන් ස්වර්ගයේ රට ඉඳි ගසක් වගා කරනු ලැබේ. යනුවෙන් නබිතුමාණෝ පැවසූහ. (තිර්මිදි)

7

අහෝ අබ්දුල්ලාහ් ඉබ්නු කයිස් ඔබට ස්වර්ගයේ නිදන්වලින් නිදානයක් කියා දෙන්නදැයි නබිතුමාණෝ අසා සිටියහ. එවිට ඔහු එසේය අල්ලාහ්ගේ ූතයාණනි! එනම් ඔබ ලා හව්ල වලාකුව්වත ඉල්ලාහ් බ්ල්ලාහ් යනුවෙන් පවසන්න. (බුහාරි)

8

අල්ලාහ්ට ඉතා ප‍්‍රියමනාප වදන් හතරකි. ඒවා නම් 1. සුබ්හානල්ලාහි 2. අල්හම්දුලිල්ලාහි 3. ලා ඉලාහ ඉල්ලල්ලාහු 4. අල්ලාහු අක්බර් මේ අතරින් කුමකින් ගෙන ආරම්භ කළත් නුඹට හානියක් ඇති නොවෙන්නේය.

9

ගම්බද අරාබි ජාතිකයකු අල්ලාහ්ගේ දූතයාණන් වෙත පැමිණ කියන්නට වටිනා වදනක් කියා දෙනුමැනවයි ඉල්ලා සිටියේය. එවිට එතුමාණෝ මෙසේ පවසනු යැයි කීවේය. ලා ඉලාහ ඉල්ලල්ලාහු වහ්දහූ ලා ෂරීක ලහූ අල්ලාහු අක්බර් කබීරා, වල්-හම්දුලිල්ලාහි කසීරා, සුබ්හානල්ලාහි රබ්බිල් ආලමීන්, ලා හව්ල වලා කුව්වත ඉල්ලා බ්ල්ලාහිල් අසීසිල් හකීම්. නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවියකු නොමැත. ඔහු එකීයය අසමසමය. අල්ලාහ් අති ශ්‍රේෂ්ඨවන්තයාය. සියලූ ප‍්‍රශංසා ඔහු සතුය. දෙලොවෙහි පරමාධිපතියාණන් වන අල්ලාහ් සුවිශුද්ධ බව පවසමි. පාපයකින් මිදීමේ හැකියාව හෝ පිනක් කිරීමේ ශක්තිය හෝ සර්වඥ සර්වබලධාරී අල්ලාහ්ගෙන් මිස නැත. මෙම අරාබි ජාතිකයා මේ සියල්ල මාගේ පරමාධිපතියා වෙනුවෙනුයි. මා වෙනුවෙන් කුමක්දැයි අසා සිටියේය එවිට එතුමාණෝ මෙසේ පවසා සිටියහ. අල්ලාහුම්මඝ් ෆිර්ලී වර්-හම්නී වහ්දිනී වර්සුක්නී. තේරුම: යා අල්ලාහ් මා හට සමාව දෙනු මැන, මට කරුණාව දක්වනු මැන, මට සෘජු මඟ පෙන්වනු මැන, මට අභිවෘද්ධිය ලබා දෙනු මැන. (මුස්ලිම්)

10

මිනිසෙකු ඉස්ලාමය වැළද ගත්තේ නම් ඔහුට නබිතුමාණෝ සලාතය උගන්වා පසුව මෙම වැකි මගින් ප‍්‍රාර්ථනාවේ යෙදෙන මෙන් විධානය කරයි. එනම් තේරුමඃ යා අල්ලාහ් මා හට සමාව දෙනු මැන. මට කරුණාව දක්වනු මැන. මට සෘජු මඟ පෙන්වනු මැන. මට සුවය ලබා දෙනු මැන. මට අභිවෘද්ධිය ලබා දෙනු මැන. (මුස්ලිම්)

11

ප‍්‍රාර්ථනාවන්ගෙන් උතුම්වන්නේ අල්හම්දු ලිල්ලාහ් (සියලූ ප‍්‍රශංසා අල්ලාහ් සතුය) යැයි පැවසීමයි. භාවනාවෙන් උතුම්වන්නේ ලාඉලාහ ඉල්ලල්ලාහ් (නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙයකු නැතැයි) යන භාවනාවයි. යැයි නබිතුමාණෝ පැවසූහ. (තිර්මිදි)

12

“අල් බාකියාතුස් සාලිහාත්“ නම් සදාතනික දැහැ දෑ යනු සුබ්හානල්ලාහි වල්-හම්දු ලිල්ලාහි වලා ඉලාහ ඉල්ලල්ලාහු වල්ලාහු අක්බර් වලා හව්ල වලා කුව්වත ඉල්ලා බිල්ලාහි. තේරුම: අල්ලාහ් සුවිශුද්ධය. සියලූ ප‍්‍රශංසා අල්ලාහ් සතුය. අල්ලාහ් හැර නැමදුමට සුදුස්සකු නොමැත. අල්ලාහ් අති ශ්‍රේෂ්ඨය. පාපයකින් මිදීමේ හැකියාව හෝ පිනක් කිරීමේ ශක්තිය හෝ අල්ලාහ්ගෙන් ය (තව කෙනෙකුගෙන් ලැබෙන්නේ) නැත. (අහ්මද්)

Zaker copied