පසුතැවිලිවීම හා පාප ක්‍ෂමාව ඉල්ලීමේදී.

1

අල්ලාහ් කෙරෙහි දිවුරමින් ප‍්‍රකාශ කරමි නියතවශයෙන්ම මම දිනකට 70 වාරයකට අධික වාරගණනක් අල්ලාහ්ගෙන් පාපක්ෂමාව අයැද පසුතැවිලිවී ඔහු වෙතට යොමු වෙමි යනුවෙන් අල්ලාහ්ගේ දූතයාණෝ ප‍්‍රකාශ කළහ. (බුහාරි)

2

ජනයිනි! නුඹලා පව්ක්ෂමාව අයදිමින් අල්ලාහ් වෙත යොමුවන්න. නියතවශයෙන්ම මම දිනකට 100 වාරයක් පාපක්ෂමාව අයැදින්නෙමි. (මුස්ලිම්)

3

අස්තඃෆිරුල්ලාහල් අලීම් අල්ලදී ලා ඉලාහ ඉල්ලා හුවල් හයියුල් කයියූම් වඅතූබු ඉලයිහි කවරෙකු මෙසේ පවසන්නේද ඔහු සේනාවකින් ඉවත්වී යෑමෙන් සිදුවූ පාපය වුවද අල්ලාහ් ඔහුට සමාව දෙන්නේය. යනුවෙන් නබිතුමාණෝ ප‍්‍රකාශ කළහ. (අබූ දාවූද්, තිර්මිදි)

4

රබ්(පරමාධිපති) (තම) ගැත්තාට වඩාත් සමීප වනුයේ රාත‍්‍රියේ අවසාන කාලයේ මැදභාගයේදීය. එම කාලයේ අල්ලාහ්ව සිහිපත් කරන්නවුන් අතරින් අයකු වීමට ඔබට හැකියාව ඇත්නම් එසේ කරනුයි අල්ලාහ්ගේ දූතයාණෝ ප‍්‍රකාශ කළහ. (තිර්මිදි, නසාඊ)

5

ගැත්තකු තම පරමාධිපතිට ඉතා සමීපව සිටිනුයේ ඔහු(ගැත්තා) සජදාවෙහි සිටින අවස්ථාවේදීය. එනිසා (එහි) අධිකව ප‍්‍රාර්ථනාවෙහි යෙදෙනුයි අල්ලාහ්ගේ දූතයාණෝ ප‍්‍රකාශ කළහ. (මුස්ලිම්)

6

මගේ හදවතේත් ආවරණයක් වැනි දෙයක් ඇතිවන්නේය. දිනකට සියවාරයක් මම පාපක්ෂමාවෙහි යෙදෙන්නෙමි යැයි අල්ලාහ්ගේ දූතයාණෝ ප‍්‍රකාශ කළහ. (මුස්ලිම්)

Zaker copied