ෂෙයිතාන්ගෙන් ආරක්ෂා වීමට

1

අඌදු බිකලිමාතිල්ලාහිත් තාම්මාති අල්ලතී ලා යුජාවිසුහුන්න බර්රුන් වලා ෆාජිරුන් මින් ෂර්රි මා කලක වදරඅ වබරඅ වමින් ෂර්රි මා යන්සිලූ මිනස් සමාඉ වමන් ෂර්රි මා යඃරුජු ෆීහා වමින් ෂර්රි මා දරඅ ෆිල් අර්ළි වමින් ෂර්රි මා යක්රුජු මින්හා වමින් ෂර්රි ෆිතනිල් ලෙයිලි වන්නහාරි වමින් ෂර්රි කුල්ලි තාරිකින් ඉල්ලා තාරිකන් යත්රුකු බිහයිරිහා යා රහ්මාන්. තේරුම : අල්ලාහ්ගේ පූර්ණ වදන් තුළින් ආරක්ෂාව පතමි. යහපත් හා අයහපත් කිසිවෙකු එම වදන්වලින් ඔබ්බට යා නොහැකිය. ඔහු මැවූ මැවුම්වලින් - ඔහු මවා, විසිරී යාමට සැලැස්වූ සියලූ මැවුම්වල හානියෙන් (ආරක්ෂාව පතමි) තවද අහසින් පහළ වන දෑහි හා ඒ තුළ ඇතිවන දෑහි හානියෙන්ද (ආරක්ෂාව පතමි) මහපොළොවේ ඔහු මැවූ දෑහි හානියෙන්ද එයින් බැහැරවන දෑහි හානියෙන්ද ? දහවල් ඇති වන කල විය හැකි හානියෙන්ද රාත‍්‍රියේ පැමිණෙන සියලූ දෑහි හානියෙන්ද (ආරක්ෂාව පතමි) එහෙත් යහපත සමග රාත‍්‍රියේ පැමිණෙන දෑ හැර. අහෝ කරුණාන්විතයාණනි!

Zaker copied