සෆා-මර්වා යන ස්ථානවල සිටියදී කිව යුතු ප‍්‍රාර්ථනාව

1

නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ සෆා කන්දට ලඟාවූ විට ඉන්නස් සෆා වල් මර්වත මින් ෂආඉරිල්ලාහි නියතවශයෙන්ම සෆා සහ මර්වා (යන කඳු) අල්ලාහ්ගේ සළකුණුවලින් එකකි. යැයි පැවසූ අතර එතුමාණෝ සෆා කන්ද නගින්නට ආරම්භ කළේය. ඒ මත මදක් නැග්ගේය එහි සිට කඃබාව දිස්වන තරමට, එහිදී කිබ්ලාව දෙසට හැරී අල්ලාහ්ගේ ඒකීයත්වය තහවුරු කරමින් තක්බීර් පවසමින් තවදුරටත් මෙසේ ප‍්‍රකාශ කළහ. ලා ඉලාහ ඉල්ලල්ලාහු වහ්දහූ ලා ෂරීක ලහූ ලහුල් මුල්කු වලහුල් හම්දු වහුව අලා කුල්ලි ෂෙයිඉන් කදීර්, ලා ඉලාහ ඉල්ලල්ලාහු වහ්දහූ අන්ජස වඃදහූ වනසර අබ්දහූ වහදමල් අහ්දාබ වහ්දහූ තේරුම : නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙන දෙවියකු නැත. ඔහු ඒකීයය. ඔහුට ආදේශව කිසිවක් නැත. සර්වාධිරාජ්‍යය ඔහු සතුය. සියලූ ප‍්‍රශංසා ඔහු සතුය. සියලූ දෑ කෙරෙහි සිය බලය පවත්වන්නේය. ඔහු ඔහුගේ ප‍්‍රතිඥාව ඉෂ්ඨ කළේය. ඔහුගේ වහලාට ජය ලබා දුන්නේය. ඔහු තනිවම සිට විරුද්ධවාදීන් පරාජයට පත් කළේය. පසුව එතුමාණන් මේ අතර ප‍්‍රාර්ථනාද කළේය. මෙලෙස තුන්වරක් පැවසුවේය. තවද මෙම හදීසයේම සෆාවෙහි කළ අයුරින්ම මර්වාවෙහිද එතුමාණන් කළ බවට වාර්ථාවී වී ඇත. (මුස්ලිම්)

Zaker copied