නබි(සල්) තුමාණන්ට ආශිර්වාදය කිරීමේ මහිමය.

1

කවරෙකු මා හට ආසිරි පතන්නේද ඔහුට අල්ලාහ් දසවරක් කරුණාව පහළ කරයි. යැයි නබිතුමාණෝ ප‍්‍රකාශ කළහ. (මුස්ලිම්)

2

මාගේ සොහොන උත්සව පවත්වන ස්ථානයක් බවට පත් නොකරන්න. මට ආසිරි පතන්න. ඔබලා කොහි සිටියත් ඔබලාගේ ආසිරි (සලවාත්) මා වෙත දැනුම් දෙනු ලැබේ. යැයි නබිතුමාණෝ ප‍්‍රකාශ කළහ. (අබූ දාවූද්, අහ්මද්)

3

මසුරුකම් ඇති තැනැත්තා කවරෙකුද යත් ඔහු ඉදිරියේ මාගේ නම සඳහන් කරනු ලැබුවද මා වෙනුවෙන් ආශිර්වාද නොකරන තැනැත්තාය. යනුවෙන් නබිතුමාණෝ ප‍්‍රකාශ කළහ. (තිර්මිදි)

4

මහපොළොව පුරා සැරිසරණ අල්ලාහ්ගේ මලක්වරු (දූතවරු) මාගේ අනුගාමිකයින්ගේ සලාමය මා වෙත දැනුම් දෙති යනුවෙන් නබිතුමාණෝ ප‍්‍රකාශ කළහ. (තිර්මිදි)

5

මුස්ලිම්වරයකු මා හට සලාම් කියන (ආශිර්වාද කරන* සෑම මොහොතකම අල්ලාහ් විසින් මාව පනගන්වා එයට පිළිතුරු දීමට සලස්වයි’ යනුවෙන් නබිතුමාණෝ ප‍්‍රකාශ කළහ. (අබූ දාවූද්)

Zaker copied