උස්තැන්වලින් ගමන් කරන විට තක්බීර් (අල්ලාහු අක්බර්) යැයි පවසා පසුව ලා ඉලාහ ඉල්ලල්ලාහු වහ්දහූ ලා ෂරීක ලහූ, ලහුල්-මුල්කු, වලහුල් හම්දු වහුව අලා කුල්ලි ෂෙයිඉන් කදීර්, ආයිබූන, තාඉබූන ආබිදූන, ලිරබ්බිනා හාමිදූන්. සදකල්ලාහු වඃදහූ, වනසර අබ්දහූ වහසමල් අහ්සාබ වහ්දහූ. තේරුම : (නැමදුමට සුදුස්සා) අල්ලාහ් හැර වෙන දෙවියකු නැත. ඔහු ඒකීයය. ඔහුට ආදේශව කිසිවක් නැත. සර්වාධිරාජ්‍යය ඔහු සතුය. සියලූ ප‍්‍රශංසා ඔහු සතුය. සියලූ දෑ කෙරෙහි ශක්තිය ඇත්තාය. ගමනෙන් ආපසු හැරී පාපසමාව අයදිමින් අපේ රක්ෂිතයාණන්ට ස්තූති කරමින් පැමිණෙන්නෙමු. (බුහාරි, මුස්ලිම්) සටහන : නබි තුමාණෝ යුද්ධයක හෝ හජ්වන්දනාව නිමාකර ආපසු පැමිණි විට මෙම ප‍්‍රාර්ථනාව කළේය.