නිවසෙන් බැහැරව යන විට කිව යුතු ප‍්‍රාර්ථනාව

1

බිස්මිල්ලාහි තවක්කල්තු අලල්ලාහි වලාහව්ල වලාකුව්වත ඉල්ලා බිල්ලාහි’ තේරුම : අල්ලාහ්ගේ නාමයෙන් (පිටත්වෙමි,) මගේ කාර්යයන් සියල්ල සම්පූර්ණයෙන් අල්ලාහ් වෙත භාරකර ඔහුවම විශ්වාස කරමි. තවද අල්ලාහ් හැර වෙනත් කිසිම ශක්තියක් හෝ බලයක් නැත. (අබූ දාවූද්, තිර්මිදි)

2

අල්ලාහුම්ම ඉන්නී අවූදු බික අන් අදිල්ල අව් අසිල්ල අව් අද්ලිම අව් උද්ලම අව් අජ්හල අව් යුජ්හල අලෙයිය. තේරුම : යා අල්ලාහ් මා මංමුළාවීම හෝ මා අවමානයට ලක්වීම හෝ අසාධාරණය කිරීම හෝ මා අසාධාරණයට ලක්වීම, මා මන්ද බුද්ධිකයකු වීම හෝ මන්ද බුද්ධිකයකු බවට පත්කරනු ලැබීම යනාදියෙන් මාව ආරක්ෂා කරනු මැන.

Zaker copied