නින්දෙන් අවදිවීමෙන් පසු කිව යුතු ප‍්‍රාර්ථනාව

1

අල්හම්දු ලිල්ලාහිල්ලදී අහ්යානා බඃද මා අමාතනා ව ඉලෙයිහින් නුෂූර් තේරුමඃ අප මරණයට පත්කළ පසුව අපට ප‍්‍රාණය ලබාදුන් අල්ලාහ්ටම සියලූ ප‍්‍රසංශා හිමිවේවා. තවද ඔහු වෙතය නැවත යා යුත්තේ. (බුහාරි, මුස්ලිම්)

2

අල්හම්දු ලිල්ලාහිල්ලදී ආෆානී ෆී ජසදී ව රද්ද අලෙයිය රූහි වඅදිනලී බී දික්රිහි. තේරුමඃ මා හට මනා ශරීර සෞඛ්‍යයක් ලබාදී, මගේ ප‍්‍රාණයත් මට ආපසු ලබාදී, ඔහුව සිහිපත් කිරීමේ වරම (අනුමැතිය) ද ලබාදුන් අල්ලාහ්ටම සියලූ ප‍්‍රසංශා හිමිවේවා. (තිර්මිදි)

3

ලා ඉලාහ ඉල්ලල්ලාහු වහ්දහු ලා ෂරීකලහු ලහුල් මුල්කු වලහුල් හම්දු වහුව අලා කුල්ලි ෂෙයිඉන් කදීර්. අල්හම්දුලිල්ලාහ් ව සුබ්හානල්ලාහි වලාඉලාහ ඉල්ලල්ලාහු වල්ලාහු අක්බර් වලා හව්ල වලා කුව්වත ඉල්ලා බිල්ලාහිල් අල්ලාහුම්ම අග්ෆිර්ලී තේරුම: “අල්ලාහ් හැර වෙන දෙවියකු නැත. ඔහු ඒකීයෙකි. ඔහුට සමාන කිසිවක් නැත. සර්වාධිරාජ්‍යය ඔහුට හිමිය. සියලු ප‍්‍රශංසා ද ඔහුට හිමිය. ඔහු සියලු දෑ කෙරෙහි බලසම්පන්නය. සියලු ප‍්‍රශංසා අල්ලාහ්ටය. අල්ලාහ් සුවිශුද්ධය. අල්ලාහ් හැර වෙනත් දෙවියකු නොමැත. ඔහු අති ශ්‍රේෂ්ඨය. අල්ලාහ් හැර වෙනත් කිසිදු ශක්තියක් හෝ බලවේගයක් නොමැත. යා අල්ලාහ් මට සමාව දෙනු මැන.“ නින්දෙන් අවදි වී යමෙක් මෙය ප‍්‍රකාශ කරයි නම්, ඔහුගේ පව් සමා කරනු ලැබෙයි. ඔහුගේ ප‍්‍රාර්ථනාවන් අනුමත කෙරෙයි. වුළු දෝවනය කර සලතයේ යෙදෙයි නම්, ඔහුගේ සලාතය අනුමත කෙරෙයි යනුවෙන් අල්ලාහ්ගේ දූතයාණෝ ප‍්‍රකාශ කළහ. (ෆත්හු අල්-බාරි, ඉබ්නු මාජාහ්)

4

ආල ඉම්රාන් සූරාවෙන් වාක්‍ය 190 සිට අවසාන දක්වා.

Zaker copied